Tuesday, January 17, 2012

රට රැකියාවකට යන්න කලින් මේවගේ දේවල් ගැනත් හිතන්න

තින් මේක ලියන්න හිතුනේ මම අද මගේ ජීවිතේ හොඳය කියල හිතුන ,වැඩියෙන්ම වැඩ කරපු ආයතනයෙන් සමුගන්න මුලපුරන ගමන්.මේ මගේ පලවෙනි විදේශ රැකියාව උනත් එතනින් මම ඉගෙන ගත්ත දේවල් කොච්චර වටිනවද කියල තේරෙන්නේ එනකොට තමය.


මේ පහුගිය මාස 10 ක කාලයක් පුරාවට මට ඇත හිත දුන්න පුංචිම තනතුරේ ඉඳන් ලොකුම තනතුර දක්වා හැමෝම අද මම ලබපු දියුණුවට උදව් දීපු අය වෙත මම හදවතින්ම ඉස්තුතිවන්ත වෙනවා.
හොඳය්, දැන් මගේ අදහස් ලියන්න වෙලාව.මේක පුද්ගලිකවම මගේ අදහස උනත් එතන පොදු උපදෙස් සහ කරුණු ගොඩක් ඇතුලත් වෙනවා කියල මම හිතනවා.වැරදි අදහස් තියෙනවා වගේ හිතුනොත් ඒක කියන්නත් බලන ඔබ අමතක කරන්න එපා.

01. විදේශ රැකියාව මොනවගේ එකක් උනත් විදේශ රැකියා නියුක්ති කාර්යන්සයේ ලියාපදිංචි වෙන්න කියන එක අමතක කරන්න එපා.එතැනදී ඔබේ රැකියාව,ඊට අදාළ රාජකාරිය,නිවාඩු,වෙනත් දේවල් ගැන සාධාරණ බැඳුම්කරයකට ඔබගේ ආයතනය යටත් කරලා එයින් ඔබේ ආරක්ෂාව සලසන එක තම අපි නොදන්නා ප්‍රදානම කරුණ.
02. අනික තමා අපේ වෘතියට ලැබිය යුතු ගරුත්වය,එක ඉහත කියපු ගිවිසුමෙන් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.ඒ වගේම විශේෂයෙන් වෘතිමය වශයෙන් අවම වැටුප් තලය ගැන ඔබට ලබාදෙනවා.ඒ කියන්නේ ඔබ නිකන් දෙන පලියට අඩු පඩියට ගිහින් පස්සේ අන්දන්න ඕන නැහැ,බලල හොඳින් හිතල යන්න පුළුවන්.
03. ඔබ මොන ආයතනයට ගියත් ,මොන විදියේ රැකියාවක් කරත් කියන කරන හැම දෙයක් ම වාර්තා තියාගන්න ඕන,ඒ විතරක් නෙමේ ඒවාට සාක්ෂි තියාගන්න එක හරිම වටින දෙයක්.
04. ඔබේ හැඳුනුම් පත්,වෙනත් සහතික පාස්පෝර්ට් එක ජයා පිටපත් කරලා ළඟ තියාගන්න එක ,පිටපතක් ගෙදර තියල යන එක හරිම වටින දෙයක්.
05. මුකුත් නැතුව එන්න කිව්වට යන්න එපා කියන එකත් මතක තියාගන්න,ඔයාලට ටිකට් එකකට සල්ලි නැති උනත් පොඩි මුදලක් අතේ අරන් යන්න.එක වියදම් කරන්න නම් එපා.ආයේ එනකන් ඉතුරුවක් විදියට නඩත්තු කරන්න 
06. සාම බඩුවක් ගැනම වාර්තාවක් තියාගන්න,ඒ කියන්නේ ලිස්ට් එකක් හදාගෙන එක නිතර හොයල බලන්න.මාස්පත අලුතෙන් ඕන මොනවාද කියල හොඳින් සංවිදානය කරලා අතවශ්‍ය දේ විතරක් ගන්න,අනෙක් සල්ලි ගෙදරට යවන්න/ලංකාවේ ඔයාගේ බැංකු ගිණුමට යවන්න.
07. සම්මා අපහසුතාවක් ම ලිකිතව/විද්යුත් තැපැල් ලිපියක්  මගින් තම ප්‍රධානියා දැනුවත් කරන්න ,මතක තියාගන්න වෙන කෙනෙක් ඔයාගේ අඩුපාඩු කියන්න කලින් ඔයා ඒ අඩුව කියන්න ,එක ඔයා කළමනාකරණය කරනවා නම් ඒ විදියත් කියන්න(හැම එකක්ම කියන්න ඕන නැහැ-මම කිව්වේ ඔයා තාක්ෂනය වගේ එව්වා ගැන).
08. තමන් කළමනාකරුවෙක් නම් එතන කරදර කාර මිනිස්සු ගැන ලිකිතව දෙන්න,තමන්ට ගන්න පුළුවන් පියවර අරගන්න..මතක තියාගන්න ඔයත් එයත් දෙන්නම මෙතන රස්සාව කරන්න ඇවිත් ඉන්නේ දෙන්නම වැඩේ කරොත් තමා වැඩේ හරියට ඉවර වෙන්නේ.නැතුව ඔයා කොච්චර දුක් වින්දත් අන්තිමේ පාඩුවක් වෙලා දුක හිතිලා තමා ඉවර වෙන්නේ.
09.  ඔයාට ඉන්නම බැරි නම් ඔයාගේ බැඳුම්කරය අනුව හිතල පිළිවෙලකට අස්වීම දෙන්න,එතැනදී ඔයාට  පාඩුවක් මිසක් වාසියක් වෙන්නේ නැහැ හරිද.නැත්තම් කාගෙන ඉඳල අන්තිමේ ඔයාට පුළුවන් ඔයාට තියෙන තැන ගැන පෙන්නලා දෙන්න.
10. මිනිස්සු එක්ක හොඳින් ඉන්න බලන්න,තදට හිටියට හිත හොඳ නම් එච්චරය්.
11. ලියන ,කියන හැම දෙයක් ම මිනිහෙකුගේ රස්සාවක් එක්ක සම්බන්ධ වෙනවා එක නිසා එතන ගැනත් හිතන්න.අන්තිම අඩු පඩි ගන්න කුලී කාරය උනත් පවුලක් ඉන්න ,දරුවන් ඉන්න මිනිහෙක් වෙන්න පුළුවන් ,,එතැනදී දරු පවල ගැන හිතල හොඳ දෙයක් කරන්න...විශේෂයෙන් ලියුමක්/ලිපි ලියද්දි.
12. කිසිම කෙනෙක් මනින්න එපා.ඒ අය කියන දේ අහල හිතට ගන්නත් එපා.මිනිස්සු කියවන දෙයය් අත්තය් දෙකක් වෙන්න පුළුවන්.කිසිම මිනිහෙක් ගැන තව කෙනෙක් කියන දෙයකින් තීරණ ගන්න එපා.
13. මිනිස්සු එක්ක අපි වැඩ කරන්නේ අපිට වගේම ඔවුන්ටත් බඩගින්න ,පිපාසය,මහන්සිය විතරක් නෙමේ ආදරය,අනුකම්පාව .....ඕන වෙනවා කියල හිතන්න.ඔබත් ඔහුත් නන්නාදුනන රටක තනිවෙලා ඉන්නේ කියන එක අන්තිම මොහොත දක්වාම වලංගු වෙනවා.
14.මහන්සි වෙලා දියුණු වෙන්න,තව කෙනෙකු කපල උඩට යන්න පුළුවන් උනාට එක නෙමේ නියම ජය.ලංකාවේ වගේ නෙමේ පිට රටකදී කාසිය පෙරලෙන්න වැඩි වෙලා යන්නේ නැහැ.
15. ඔබ හොඳ කෙනෙක් නම් යනවා කියල ආරංචි වෙනකොටම ඔක්කොම කතාකරලා උදව් කරන්න බලනවා කියන්නේ ඔබ හොඳ මිනිහෙක් කියන එක..එතන ඔබ හොඳින් වැඩ කරලා කියන සතුටත් එක්ක ගෙදර යන්න පුළුවන්.
16. ඔබ එක්ක ඉන්න අය ඔබට ලෝබයෙක් කියල කියනවා නම් ,ඔබ ඔබේ පව්ලේ හොඳම සාමාජිකයෙක්.
17. ඔබ ආයතනය වෙනුවෙන් කීයක් හරි ඔබේ පඩියෙන් වියදම් කරලා නම් ,ඔබ හම්බ කරපු දෙයට නය නැති එහෙත් ආයතනය ඔබට ණය ගැති බව හිතට ගන්න ,යනකොට ණය නැති කෙනෙක් වගේ යන්න.
18. ඔබට කාම වේලක් නැතිව වැඩ කරන්න උනොත් එදාට ඔබේ පවුලේ අය හොඳින් රසබර කෑම වේලක් ගන්න බව හිතට ගන්න, ඔබට ඉහල අය සහ පහල අය ආහාර ගනිද්දී ඔබට වාදය ඉවර කරන්න ඕන නම් ඒ අනිත් අය ගැන හිතන්නේ නැතුව ඔබේ වැඩේ කරන්න..
19. එක එක යට එක එක ගොටු කියල මිනිස්සු කියන කතා වලට අහුවෙන්න එපා,පොඩි අය ඒ අයට වාසියට ඔබව වෙනස් කරන්න බලය්,ලොකු තැන වලින් ඒ ayage වාසියට වෙනස් කරන්න බලය්,ඔබ දෙපැත්තම සමබරව අරගෙන යන්න.කිසිම වෙලාවක පැත්තක් ගන්න එපා.  
20. දන්නා දේ දන්නා බවත් නොදන්නා දේ නොදන්නා බවත් කෙලින් කියන්න.ඇත්ත කියන්න බය වෙන්න එපා..බොරු කියල අනතුරු එක්ක ලංකාවට යනවට වැඩ හොඳය් අනතුරක් නැතුව හොඳින් ආපහු එන එක.

තවත් කොටසක් ඉදිරියට දමන්න තියෙනවා ,දැනට මේ ටික ඇති කියල හිතෙනවා..
ලබන පාර කටාර් වල කොහොමද නීතිය,කොහොමද වෙන්නේ කියල දැනුවත් කරන්නම් කෝ.

1 comment:

  1. soory ,vachana adupaadu hadala heta dennam,dan raa vela heta vada godak thiyenava....

    ReplyDelete

thanks