Sunday, January 8, 2012

ඕනෑම විද්යුත් පරිපතයකට පොදු වෙන්න පුළුවන් පුංචි දෙයක්/තියරියක්

මෙන්න පුංචි ට්‍රික් එකක්.අපිට හබවෙන ඕනෑම පරිපතයකටම වගේ මේ තියරිය යොදල පුදුම විදියට වැඩ ගන්න පුළුවන්.මේක අලුතෙන් පරිපථයක් හදන්න වගේම කැඩිච්ච එකක් හරි ගස්සන්න , අලුත් අංග සෙට් කරන්න ..මේ වගේ හුඟක් දේවල් කරන්න අපිට පුළුවන් .ඕන වෙන්නේ මුලික දැනුම සහ උපකරණ/උපාංග පිලිබඳ දැනුම. 








හරි දැන් වැඩේ තියෙන්නේ කොහොමද මේක යොදන්නේ කියල නේ ,
එක හරිම සිම්පල් .පොඩි පරිපථයක් නම් කෙලින්ම යොදා ගන්නවා .ලොකු එකක් නම් කෑලි කෑලි වලට කඩනවා ඊටපස්සේ එක එක කෑල්ල වෙනුවෙන් තියරිය දානවා.
බලන්න මේ පුංචි පරිපථය  දිහා, 






මේක සරල ආලෝක සංවේදී පරිපථයක්,මේ තියෙන්නේ එල්.ඊ.ඩී. බල්බයක්(ඇත්තටම මේක ඩයෝඩයක්/දියෝඩයක්),එල් .ඩී.ආර්. එකක් සහ සරල ධාරා සැපයුමක්.
මෙතන ඉන්පුට් එක වෙන්නේ එල්.ඩී.ආර්. එක එතකොට අවුට්පුට් එක එල්.ඊ.ඩී.,බැටරිය සහ වයර් තමා මෙතන පරිපථය විදියට ක්‍රියා කරන්නේ.
කොටින්ම කිව්වොත් පරිපථයේ සම්බන්ධ තාවයන් වල අවුලක් උනොත් බඩු වැඩ නෑ.එතකොට මෙතන තියෙන ඉන්පුට් එක අපිට වෙන තැනකට යොදන්න පුළුවන් ,ඒ වගේම ඔවුට්පුට් එක තව වැඩකට ගන්න පුළුවන්.ඒ කියන්නේ අපිට ඕන විදියට පරිපතයන් හදන්න මේ බඩු යොදන්න පුළුවන්.
හොඳය් එතකොට ලෙඩක් ආවොත් මේක කොහොමද යොදන්නේ ,
මේ පරිපථයේ හැටියට එන්න පුළුවන් ලෙඩ තමය මේ පහල ලියල තියෙන එව්වා,
01). බලුබ් එක පත්තු වෙන්නේ නෑ(අවුට් එක දෙන්නේ නෑ).
02). බලුබ් එක පත්තු වෙන්නේ නෑ(පරිපථයේ අඩුවක්,දෝෂයක්).
03). බලුබ් එක පත්තු වෙන්නේ නෑ(ඉන්පුට් එක දෙන්නේ නෑ).
ඔන්න හිතල බලන්න පැති,ඔයාල මෙතන ලියපු දේ තේරුම් ගන්න ආස නම් හදල බලන්න ,පස්සේ එක එක කෑලි වල අඩුපාඩු නිර්මාණය කරලා බලන්න මොකද වෙන්නේ කියල .
මෙතන තියෙන පරිපථය හරි සරලය්,එත් රුපවාහිනියක හරි පරිගණක මොනිටරයක හරි අවුලක් ආවොත් හිතාගන්න බැරි විදියට අතරමන් වෙන්න පුළුවන්,ඒවගේ තියෙන ඉන්පුට් , අවුට්පුට් එක එකක් සම්බන්ද නිසා ලෙඩ හැදුනම හරිම පරිස්සමින් හොයල තීරණ ගන්න ඕන.

මගේ ගමේ හිටිය ටි.වී හදන කොල්ලෙක් (දැන් නම් නාකි වෙලා ) මිනිහ එදවස් වල හෙන වැඩ කාරයෙක් කියල තමා මම හිතන් හිටියේ,එත් පස්සේ තේරුණා මිනිහ බඩු හදන්නේ හරියට මහා ඉස්පිරිතාලේ බෙහෙත් දෙන දොස්තරලා වගේ කියල(සමහරක් දොස්තරලා  ගැන හොඳේ,ඔක්කොම එහෙම නෑ)..හි හි 
(එකියන්නේ පිච්චුනු කෑල්ල දානවා ,පස්සේ එක පිච්චෙනවා .එකට හේතුව හොයන්නේ නෑ කෑලි බලබල දමනවා ඔහොම දවස් දෙකක් විතර දම දම යනකොට නිකන්ම හරියනවා)

මේ පුංචි අදහස මට දෙන්න ඕන උනේ දැනටත් මගේ ළඟ වැඩ කරන සමහරු පළපුරුද්දෙන් වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන එක දකින නිසා.තියරිය දමන්නේ නැතුව ඔක්කොම ප්‍රැක්ටිකල් වලින් කරන්න ගිහින් එරුනහම අපි ලඟට ඇවිත් හදන්න බැහැ කියනවා.සමහරු නම් මම මෙතන ඉන්න එක ගැන හරිම තරහය් ,මොකද ඒ අයට කරගන්න බැරි සමහර දේවල් අපි කරන නිසා ඔක්කොම සායම් යනවා නේ,,හි හි .

කොහොම උනත් මෙන්න තියරිය ජීවිතේටත් ,පරිපත වලටත්,කොම්පුටරේ ටත් යොදන්න ,හදන්න ,දිනා ගන්න ....

සංකේත දැනේ නැති අය "electrical symbols", "electronics symbols " කියල ගහල  ගුගල් පාරක් දමන්න ,පස්සේ ඔක්කොම තේරෙනවා,මතක තියා ගන්න හය වසරේ ළමය නුත් මේක කරලා වැඩ පෙන්නලා තියෙනවා,ලොකු දෙයක් නෙමේ ඕන වෙන්නේ ඉගෙන ගන්න අවශ්‍ය උත්සාහය.

එහෙනම් තෑන්ක් යු කියනවා වෙලාව වෙන් කරාට වෙලාවක කියල දෙන්නම් රෙරෝල් ඔයිල් බ්‍රේකර් එකේ කේ 1 කේ 3 ට්‍රිප් පරිපථය ගැන සහ එතන තියෙන තියරිය ගැන,දැනට ඒවගේ දත්ත නැතිවෙමින් යනවා ,පස්සේ කාලෙක ලංකාවට වැරදිලාවත් ගෙනාවොත් හදන්න පුළුවන් වෙන්න එපය් නේ.මොකෝ අපේ කට්ටිය ඕක මස්කරන්න දෙනවය් ඉගෙනගන්න වත්,නෑ නේ. 

No comments:

Post a Comment

thanks