Wednesday, June 19, 2013

RMU (Ring Main Unit)

කාලෙකට පස්සේ අහන දකින දේවලුත් එක්ක හිතුන ලංකාවේ හරි පිට රටක හරි අධි වෝල්ටීයතා අංශ වල රාජකාරි කරන කාර්මික අංශයේ සේවකයන් හට වැදගත් කරුණු කිහිපයක් කියන්න .
ආර් එම් යු (RMU-Ring main unit) කියන එක ගැන කතා කරද්දී (සමහර කරුණු ඉංග්‍රීසියෙන් පහදන එක ලේසි නිසා කලවම් භාෂාවෙන් බලමු)
01. RMU-Ring main unit Designed to switch local transformer and the ring circuit.
Lets see a picture of a ring circuit of a 11Kv power system.
මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමරය සහ ඊට සැපයුම ලැබෙන වලය පරිපථය සම්බන්ද කොටස් වෙන් කිරීමට සහ නඩත්තු කටයුතු කිරීම සඳහා පරිපත කොටස් භූගත කිරීමට 
Ring circuit designed to transfer the load from two directions(so for any interruption of a local transformer of redial feeder will not effect to other consumers/circuits).
වලය පරිපත කියන්නේ මොනවාද ?? වලය පරිපථයක් කියන්නේ එකම භාරයකට(ලෝඩ්) දෙපැත්තකින් විදුලිය ලබා දෙන පරිපතයකට ,දැන් මේ තියන පින්තුරයේ හැටියට භාරය වෙන්නේ ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් . මේ පරිපථයක තියන වාසි තමා එක පැත්තකින් භාරයට  විදුලිය දෙන එක නවත්තුවට අනිත් පැත්තෙන් විදුලිය ලැබෙන එක ,ඊට අමතරව විභව බැස්ම අඩු නිසා කම්බි වල මහත අඩු කරන්න පුළුවන්.තවත් වාසි ගොඩක් තියනවා හිතල බලන්නකෝ .

As u see in pic. if i need to do any maintenance in motor or related HV/MV terminations you can isolate the CCT from input 2 and near by RMU (RMU 3) so you will get totally isolated RMU .But in mean time u can get power to RMU 1,3,4,5 through Ring circuit input 01.
බලන්න මේ ඉහත රුපය අනුව ඔයාලට පේනවා මෝටරයක් තියනවා RMU 02 වල .ඉතින් මේ කොටස විතරක් මොනවා හරි නඩත්තුවකට වෙන් කර ගන්න ඕනේ උනාම සරලව කරන්නේ මොකක්ද කියල පෙන්න ඕනේ .කරන්න ඕනා වෙන්නේ Input 02 කියන පැත්තෙන් පරිපථය වෙන් කරන්න ඕනේ (එතකොට අනිත් පැත්තෙන් එනවා නේ ) ඊට පස්සේ ලංගම තියන RMU  (RMU 03) එකෙන් පරිපථය වෙන් කරන්න ඕනේ ..එතකොට අනිත් ( 01,03,04,05)කියන පරිපත කොටස් කිසිම කරදරයක් නැතුව විදුලිය ලබාගන්නව ..ඒ කියන්නේ ඒ පැත්තට මේ නඩත්තුව බලපාන්නේ නෑ .

02. As per requirement for the circuit RMU's designed to add Feeder switches,transformer switches .,as u see in pic.01,u can see TX switches in RMU 5(1 TX switch and 1 Feeder switch) & RMU 1(2 TX switches).
පරිපථයේ අවශ්‍යතාවය අනුව RMU එක ට තව කොටස් එකතු කරන්න පුළුවන් ,පින්තුරයේ තියනවා RMU 05(ට්‍රාන්ස්ෆෝමර් ස්විච්ච 1 nos ,කම්බි ස්විච්ච 1 nos)  සහ RMU 01(ට්‍රාන්ස්ෆෝමර් ස්විච්ච 2 nos) කියන් එව්වට මේ කොටස් එකතු කරලා ..පේනවා නේ 

03. For remote transformers and remote substations we can use feeder switches
දුරකින් තියන තනි උප පොළකට වැඩිය භාරයක් ගන්නේ නැති නම් රේකිය පරිපතයකින් එතනට මේ ප්‍රධාන උපපොලෙන් කම්බියක් අදින්න ඕනේ උනාම කරන්නේ සරල කම්බි ස්විච්චයක්(Feeder Switch) දාල ඒ අවශ්‍යතාව ඉටු කරන එක ..

04. Why we need RMU's ??
        RMU can monitor Overloading  ,and short circuit situations so It helps to protects feeders.
        RMU helps to shutdown the Local transformers in case of Temperature effects and Pressure effects occur in local transformer.
අපිට RMU ඕනේ වෙන්නේ වලය පරිපත තියන තැන වල දී තමා ඉතින් ඒ වගේ තැනකදී ට්‍රාන්ස්ෆෝමරය ඇතුලෙන් එන ලෙඩ වලටත් එයා ප්‍රතිචාර දක්වනවා එහෙම කරලා (PRV ,TEMP Tripping) ට්‍රාන්ස්ෆෝමරය අදික රත් උන අවස්ථා වලදී(Temperature trip) , අදික පීඩනයක්(Pressure relief valve trip) තියනකොට ප්‍රදාන සැපයුමෙන් විසන්ඳි කරලා දානවා .ලංකාවේ ට්‍රාන්ස්ෆෝමර පිපිරිලා නැති උනාට(තියනවා ඇති අපි දන්නේ නෑ නේ ) වෙන රටවල් වල සෑහෙන හානි වෙලා තියනවා ට්‍රාන්ස්ෆෝමර පිපිරිම නිසා .ඉතින් මේ ආරක්ෂාව සැහෙන වටිනවා .

05. What are the important things must know before installing RMU.
       a) Plinth should be leveled properly (maximum 2mm difference) from civil finishing.
       b) Control cabling must be in a proper manner(PRV & TEMP.).
       c) Proper nuts and bolts for each place.
       d) Leveling before any terminations.
       e) Proper booting from each termination.
       f)  Proper testing before commissioning( megger  & Pressure tests).
       g) CT ratio for protection.

06. Safety from RMU.
 Before energizing the RMU each termination must check by adding the Pressure test procedure. Trip tests must conduct.then when it is for the first time of energizing all crew must send away from substation and transformer. In case of fire people must be prepared to follow the safety and rescue work for safety.  
switching must conduct by engineer trained to do that or others must use the time delay mechanism.(anyway for dead system entire switching should do by manually so it makes some risk for engineer or switching person-or can follow dead switching method).
before conduct any switching work operator must check the SF6 Pressure gauge installed in RMU .if it's in Red area must inform to all departments including safety,must take permission from safety dpt. for do such work or must update the switching program so possible to do the dead switching for that unsafe RMU.

SF6 Pressure gauge green zone indicate safety.

07.Pictures for references .
Pressure test unit
 
Pressure test probes connection to an old MV panel
Ok thanks .
(this is not for me so srilankan Engineers and fellow members please take the facts and leave comments ,no need to challenge me, just follow the truth ) 

This is page designed to help for inexperienced technical personals including engineers those who are not familiar with RMU's and it's switching.
Please be aware to select proper protected RMU's for your projects.
(Wind power projects must follow safety ideas with further references)
Always use the time delay (automatic) switching for ring closing and ring opening work.
Please conduct pressure test before energizing(apply 11kv or related voltage and check ,confirm the leakage is less than 0.1mA for 10 minutes at least).
And respect ,learn from experienced fellows though they are young or old ,educated or not,just  take the fact if it is correct for future.

no time to recheck the things ..so correct them please.
Tharindu