Sunday, January 1, 2012

බෙදාහැරීමේ පරිපත වල හමුවෙන ආරක්ෂක පරිපත / ප්‍රෝටෙක්ෂන්

හරි මේ දවස් වල වැඩ කරගෙන යද්දී මට එක තැනක හම්බ උනා උප පොළ ට ටිකක් දුරින් තියෙන පරිනාමකයක්.ඒ කියන්නේ රිමෝට් ට්‍රාන්ස්පොමර් එකක් .ඉතින් එතන මුහුණ දුන්න ගැටලුව තමය් පාරිභෝගිකයා ගේ කොටසට ආරක්ෂාව දෙන්න තියෙන පැන්නුම් උපක්‍රම/ට්‍රිපින් වලට අදාළ කම්බි දමන්න වෙන එක.එත් එතැනදී අපි වෙනද යොදන සාමාන්‍ය කම්බිය යොදන්න බැරි නිසා නියාමක කම්බි/පය්ලට් කේබල් යොදන්න තමා තීරණය උනේ.

මොනවාද මේ පැන්නුම් ,
01.පි.ආර්.වී.(පීඩන නිදහස් කරන වෑල්වය)-මෙය ට්‍රාන්ස්පෝමරයේ උඩ දකින්න ලැබෙන වෑල්වයක්,මෙය ට්‍රාන්ස්පොමරයේ තියෙන තෙල් අදික උෂ්ණත්වයේ දී පිටවීමට උත්සහ දරනකොට ක්‍රියා කරන වෑල්වයක්.

02.උෂ්ණත්ව පැන්නුම් සංවේදකය -ඉතින් ට්‍රාන්ස්පෝමරය නියමිත උෂ්ණත්වයකට වඩා ඉහල ගියත් එහි ඉහල තිබෙන සිදුරක් නිසා(පරණ වෙන්න වෙන්න තෙල් පිටාර යන්න බලන එක වැඩිය,සිදුරු හැදෙන්න පුළුවන් )
අර පි.ආර්.වී. උපක්‍රමය වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් ,එතකොට මේ උපාංගය මගින් අමතර ආරක්ෂාවක් සපයනවා කියල ඔයාලට පේනවා නේ.අනිත් කාරණේ තමය් මේ  උෂ්ණත්ව සන්වෙදකයෙන් උපරිම මට්ටම කිට්ටු වෙනකොට තවත් සන්යා උපක්‍රම යොදන්න පුළුවන් වෙන එක,ඒවගේම ඉහල මට්ටමින් උනත් පරිගණක ගත කරලා ධාරා පාලන රටාවකට යන්නත් අවශ්‍ය පහසුකම මේකෙන් ලබාගන්න පුළුවන්.(ඉන්ජිනේරුවාගේ දැනුම සහ හැකියාව මත තමය් ඔන්න )

03.මිහිකාන්දු පැන්නුම් -මෙය සෑම තැනකම තියෙන පොදු උපක්‍රමයක්,සාමාන්‍ය විදියටම යොදාගන්න පුළුවන්.ඔන්න මිහි කාන්දු පැන්නුම්(අර්ථ ෆෝල්ට් ) උපක්‍රමය ගැන දන්නේ නැත්තම් කොමෙන්ටුවක් දමන්න,හොඳේ.

සංවේදක වල දකින්න තියෙන ප්‍රදාන දෙකක් තමය් නොර්මලි ඕපන්,නොර්මලි ක්ලෝස් .ඒක ගැනත් හිතන්න ඕන අපි සම්බන්ද කරන්න කලින්.

ඉතින් මේ කියන ක්‍රම තුන වෙනුවෙන් සුදුසු විදියට වයර් යොදල අවසානයේ අර කියපු පය්ලට් කේබල් එකෙන් ප්‍රවාහනය කරන්න ඕන අපේ සන්යාව...,
ඔන්න ඔක්කොම කියන්නේ නෑ,හැංගිච්ච දේවල් හොයාගෙන හොයාගත්ත දේවල් ලියන්නත් අමතක කරන්න එපා.

එහෙනම් ආයේ හම්බවෙමු,වෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් අහන්න.මටත් යමක් ඉගෙනගන්න පුළුවන් නම් ඒක මම ඉතාම ඉහලින් අගය කරනවා.

No comments:

Post a Comment

thanks