Saturday, September 7, 2013

BACK TO BACK -කර්මාන්තමය විදුලි පරිපත(INDUSTRIAL WIRING)

ලංකාවේ ඉන්නකොට වෙලාව නැති උනාට රට ගියාම නම් මෙව්වට වෙලාව ඉතුරු වෙනවා ...
හරි , මේ වෙනකොට මම ලංකාවෙන් ආපු නිසාත් , බ්ලොගය කියවීමට සිංහල නොවන අයට බැරි නිසාත් , කියවන අයගෙන් වැඩි හරියක් විදුලි පද්දති ගැන නොදන්නා නිසාත් බය නැතුව ලිවීමට හැකිය කියන ධන ආකල්පයකින් පටන්ගම්මු.
 ඉතින් දැනට මම උස තැනකින් ටිකක් පහලට බැහැපු නිසා ඒ ගැන තමය් ලියන්නේ.
මෙන්න මාතෘකාව ,

කර්මාන්තමය විදුලි පරිපත(INDUSTRIAL WIRING) - 01

                                                 කර්මාන්ත කිව්වහම ගොඩක් පැති ඇතුලත් වෙනවා , මම මෙතනින් තොර ගන්නේ මුලින්ම සංචාරක නිවාස (concept like tourist hotels,spa,resort,) කියන කොටස ,ඊට පස්සේ යන්න බලාපොරොත්තු වෙනවා ඔය එම්.සි. / ලිබටි ප්ලාසා වගේ තියන සාප්පු සංකීරණ ගැන (lift/elevators , escalator කියන එව්වගේ ගිහිල්ල තිබ්බට කොහොමද වැඩ කරන්නේ ,මොනාද වෙන්න ............. වගේ එව්වා ගැන කෙටි දර්ශන තලත් එක්කම දෙන්නය් හිතන් ඉන්නේ).

ඊට පස්සේ බලමු විදුලි බලාගාර ගැනත් .... තව විවිධ නිෂ්පාදන කම්හල් ගැනත් .

                              කර්මාන්ත ගැන කියද්දී විදුලිය පැත්තෙන් බැලුවොත් හුඟාක් වෙනස්කම් තියනවා ,ගෙවල් වලට වගේ නෙමෙය් මෙව්වට ගොඩාක් ලොකු ජවයක් ඕනේ වෙනවා ඔක්කොම එකම වෙලාවට වැඩකරන නිසා ,අනික තමා මෙව්වගෙ ගෙදර වගේ අරෙහෙන් මෙහෙන් වයර් දාල සෙල්ලම් කොරන්න බෑ (ගෙදර නම් ඉතින් එහෙම කරන්නේ හොරෙන් එන අයට කරන්ට් වද්දවන්න ඕනේ නිසා කියල අපි දන්නවනේ ) .

කර්මාන්ත විදුලි පරිපත හැම දෙයකටම සම්බන්ද වෙනවා ,කොටින්ම පිරිසිදු කරන සේවකයාගේ පටන් පුටු රත්කරන කළමනාකාරවරයා දක්වා ලොකු පොඩි ඔක්කොටොම රිදෙන ,දැනෙන හරියට කරොත් ගොඩ යන ,වැරදුනොත් හිඟන්නෙක් වෙන පරිපථයක් තමා මේක (ඒකනිසා ඔය විදුලි කාර්මික මහත්තුරු එක්ක වැඩිය වලි දාගන්න එපා , ඒක නිකන් අර අය්.ටි.එකෙක් එක්ක වලි ගියා වගේ තමා-මම නම් ඔය ඔපිස් ඩිසයින් කරද්දී එක එක පැත්තට වෙන වෙනම බ්‍රේකර් දානවා ;) ., පඩි පහු උනොත් පහුවෙනිදට එකවුන්ට් ඩිපාට්මන්ට් එකට ලයිට් නැති වෙන්න ඕනේ නේ . :D ..).

කර්මාන්ත පරිපථයක් හුඟාක් වෙලාවට තෙකලා අඩු වෝල්ටීයතා මට්ටමෙන් තමා සැලසුම් වෙන්නේ., (ලංකාවේ එහෙම උනාට රට නම් හුඟාක් දුරට මැද වෝල්ටීයතා බෙදාහැරීමක් එක්ක ,ඕනේ ඕනේ තැන ටැප් කෙරීමක්(වචනේ වැරදියට වටහා ගන්න එපා ..ඒ දවස වෙනකන් ඉන්න වැඩි දුර හොයන්නේ නැතුව ) තමා වෙන්නේ .

තව දුරටත් ලිපිය දික් වෙන්න ඕනේ නෑ ..ඔක්කොම එක දවසින් ඉවර උනොත් වැඩකුත් නැති වෙනවා . නිදහස් හැම වෙලාවකම ටික ටික ලියනවා. සති අන්තේදි පලකරනවා .. හදිස්සි වෙන්න එපා පොඩ්ඩක් උඩින් අහුලාගෙන යන්න ..ප්‍රශ්න අහන්න ,එව්වා තමය වැඩියෙන්ම වැදගත්.