Tuesday, January 10, 2012

පිට රට උපාධි ගැන සිහින මවන ඔබ වෙනුවෙන්

අපි කොහේ ගියත් ලංකාවේ මිනිස්සු ,නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න අද හොඳ දැනුමක් එක්ක රස්සාවල් කරනවා.ඉතින් මේ දවස් වල හරියට පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරිද්ද වේවි ,කැරලි ගහද්දි මට හිතුන මේ ඕනෑම තැනක ලබන සුදුසුකම පිළිගන්න අකක්ද නැත්තම් කරදහි කොලයක් ද කියල ලියන්න,ඔන්න මේකෙන් කියන්නේ නැහැ අර කරදහි කොළ තියන් ඉන්න අය මොකුත් දන්නේ නැහැ කියල.සමහරු ඉන්නවා කිසිම තැනකින් පිළිගන්නේ නැති සහතික තියෙන පාටමාලා කරලා ඔක්කොම සහතික නීතියට අනුව/තියරියටම තියෙන මිනිස්සුන්ට වඩා හොඳට වඩා පෙන්නන්න පුළුවන් අය.
මෙතන නම් තියෙන්නේ සල්ලි තමය්,ලංකාවේ උපාධියට වඩා සල්ලි දීල ගන්න බ්‍රිතාන්‍ය උපාදිය ඉහලින් තියන ආයතන ඕනෑතරම්.
අනික කොච්චර හොඳ දැනුමක් තියෙන කෙනෙක් උනත්  සමහර උපාධි(උදාහරණයක් -ඉන්දියාවේ සමහර උපාධි) ගත්ත අය පහලින් තියන ආයතන ඕන තරම්.
ඔන්න ඕක නිසා මල්ලිලා ,නංගිලා සල්ලි තිබ්බ කියල ඉක්මනට උපාධි ගන්න යන්න කලින් පොඩ්ඩක් මේ ලින්ක් එකත් බලන්නකෝ.
 http://www.ugc.ac.lk/index.php
 හරි ඔන්න දැනට උපාධි ගත්තු උදවිය තමන්ගේ උපාධිය පිලිගනවද කියලත් මෙතනින් හොයල බලන්න.
http://www.acu.ac.uk/
http://www.iau-aiu.net/content/list-heis
හරි කොහොම උනත් දැන් දුක් වෙන්න එපා ,ඔයාල දැනට ගත්ත උපාදිය හරි ඩිප්ලෝමාව හරි ඉංජිනේරු අංශයෙන් නම් තවම පරක්කු නැහැ,
හිතන්න ඔයාල දැන් රස්සාවල් කරනවා ,අත්දැකීම් තියෙනවා නේ,ඔන්න එතකොට යන්න ඕන මෙතනට ගිහින් ඔයාලගේ අත්දැකීම් ගැන සම්මුක පරීක්ෂණයක් තියල සුදුසු මට්ටම ලබාදෙනවා.
###################
හරි එතකොට ඒක අරගත්තට පස්සේ  අය්.ඊ.එස්.එල්. එකෙන් හරි ඉක්මනට සාමාජිකත්වය ගන්න පුළුවන් ,ඊට පස්සේ ඕපන් යුනිවර්සිටියෙන් හරි ,වෙනත් විශ්වවිද්යලකින්  හරි පුළුවන් උපාධි මට්ටමකට ගියොත් විතරක් යු.ජි.සි. එකෙන් පිළිගැනීම ලබා ගන්න පුළුවන් වෙනවා කියල තම මම දන්නේ..

නොදන්නා කෙනෙක් දැනුවත් උනා නම් එකට මම සතුටු වෙනවා ,දන්නා කෙනෙක් ඉන්නවා නම් එව්වත් ලියන්න (නොලියපු දේවල් වැරදි දේවල් මෙතනත් තියෙන්න පුළුවන් /අලුත් නීති දන්නේ නැහැ මම),කාට හරි හිත රිදුන නම් සමාවෙන්න කියලත් කියන ගමන් නවතිනවා.

4 comments:

  1. i think i made a right decision instead of uni. of Ruhuna

    ReplyDelete
  2. ලින්ක් දැම්මට ස්තූතියි අයියා.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.

    ReplyDelete
  3. @Venushka -ow malli ,some times it is better ....,(than hang on with A/L's)

    ReplyDelete
  4. @අපි වගේ ..hmm සැහෙන කාලෙකින් කොමෙන්ට් එකක් ආවේ,හි හි ..තැන්ක්ස් මල්ලි ,හිතෙනවා තව තව ලියන්න දන්නා එව්වා .,මේක මම දැනගන්න කොට පරක්කු වැඩි උන නිසා මට අර අන්තිමට ලියපු ලින්ක් එකෙන් තමා ගොඩ යන්න උනේ,..නැත්තම් අදත් මම කාර්මික ශිල්පියෙක් විතරය්..උපරිමයට කාර්මික නිලධාරියෙක් වෙය්..කොහොම හරි දැන් නම් හිතේ බය නෑ,අත්දැකීම් ඇවිත් තියෙන්නේ ඕනෑවටත් වඩා,ලංකාවේ ඉන්න ඉන්ජිනේරුවෙකුට සමහර විට ලැබෙන්නේ නැති දේවල් මට ලැබුන.කොහොම හරි මට වැරදුන තැන තව කෙනෙකුට වරදින්නේ නැති වෙන්න ඕන.මගේ කාලෙන් අවුරුදු හතරක් කාපු පුංචි නොදැනුවත්කම අනෙක් හැමෝටම නොවෙන්නය් ඕන.විශේෂයෙන් ඔය හොඳ මීටර් වලට චාටර් වෙන්න වැඩ වෙනකන් අපිත් කට පියන් හිටියොත් වැරදිය් නේ..

    ReplyDelete

thanks