Wednesday, December 28, 2011

Blaaast........booom -PART 2

අදත් අපේ සෙට් එක හිටියේ විදුලි විසන්ධි කිරීමක ,වෙලාව දෙක විතර වෙලා ,,හදිස්සියේම ලැබුණු ආරංචියකින් හැමෝම කම්පාවට පත් උනා,

මොනවා ලියන්න ද ,මොනවා කියන්න ද කියල හිතා ගන්න බැහැ,ඒ තරමට දැන් මට මේ ජොබ තිත්ත වෙලා තියෙන්නේ ,එක පැත්තකින් අනතුරු ,අනෙක් පැත්තෙන් නීති හදනවා ,එව්වා හදන එවුන් පිස්සු කෙලිනවා.ඕන තැන මග හරිනවා ,මිනිස්සු තලන්න නීතිය පාවිච්චි කරනවා.ඔක්කොම මුන් ගේ වාසියට,බෙරිල්ලට කියල හිතෙන්නේ .
ඉගෙන ගත්ත එවුන් උඩට යනකොට මේ කාලකන්නි කේරල යක්කු ටිකට නිකන් ඉන්න බෑ,හරියට වැඩක් කරන්නත් බැහැ.හුඟක් ඉන්දියන් එවුන් එහෙමය් ...හනේ අන්තිමට කොහොම හරි මිනිහෙක්ගේ ජීවිතයට හානියක් ...
මුන් එකෙක් වත් තව එකෙක් ගැන හිතන්නේ නෑ,අඩුම ගානේ තමන්ගේ රටේ එකෙක් කියල වත් ..ශිහ් මහා කාලකන්නි මිනිස්සු ටිකක්.
දුප්පත් කම්කරුවා කොහොමද ජීවත් වෙන්නේ කියල මම හොඳට දන්නවා .උන් කොහොමද සල්ලි හම්බ කරන්නේ ,එකට කන කට්ට කොහොමද ...
මෙව්වා ලොකු මිනිස්සු වෙන ,උපාදි ගන්න ඕනෑම මිනිහෙක් අත්දකිනවා නම් නේ ද ..
මම බඩගින්නේ ඉඳපු නිසා එකේ දුක හොඳට දන්නවා ,කොච්චර වැඩ තිබ්බත් කාම කන මිනිහෙකුට මම වැඩ කියන්න යන්නේ නැහැ,එහෙම කරන්න දෙන්නෙත් නැහැ ඕන එකෙක් ඕන එකක් කියපු දෙන මම වැඩ කරන්නේ එහෙමය් .
මම සල්ලි හම්බ කරන්න දුක් විඳපු නිසා ඒකෙ වටින කම ටිකක් විතර දන්නවා ,....(කියල ඉවර වෙන්නේ නැති කතාවක් පටන් ගන්න ඕන නැහැ නේ ද )
හරි එහෙනම් ඉන්න මම විස්තරේ කියන්නම් ,අද මමත් එක්ක ලඟින්ම වැඩ වලට සහය දුන්න සුඩාන ජාතික ඉංජිනේරුවරයෙක් අනතුරට ලක් උනා.ඒ පරණ වර්ගයේ ගෘහස්ත උප පොලක් තුල ස්විචීය කරණය(එක පාරක් සිංහලෙන් ලියන එකට මට එක කෙනෙක් විහිළු කරා,මම දෙකම දන්නේ නැහැ කියල ඒක නිසා පුළුවන් තරම් සිංහල වචනම ලියනවා -වැරදි තැන කියන්න හොඳේ) කරද්දි සිදුඋන පිපුරුමක් නිසා.ඇත්තටම මොකද උනේ කියල තාම දන්නේ නැහැ .කව්රුත් කියන්නේ සාමාන්‍ය තුවාල කියල .එත් කොහොමද කියල බලන්න යන්න වත් විදියක් නෑ .,ගියත් බලන්න තියා ඇතුලට වත් යන්න දෙන්නේ නැහැ පරීක්ෂණ ඉවර වෙනකම්.
HMMMMMMMMM..
හෙට රෑ වෙනකොට ලියන්න බලමු දැන් වෙලා නැහැ ,,හෙට මට  විදුලි විසන්ධි කිරීම් දෙකක් තියෙනවා උදේ එකය් හවස එකය් .,අනික අද වැඩ ඉවර උනේ හවස හතට විතර ..ලියන්න ඕන උනත් හරි මහන්සිය් .

No comments:

Post a Comment

thanks