Thursday, September 1, 2011

Blaaast........booom

පසුගියදිනක සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් ගැන කියන්නය් යන්නේ,දින වකවානු නොකිය මේ දෙය කියන්නේ දැන් ඒ සම්බන්ද සියලු පරීක්ෂණ  අවසාන නිසා.සාමාන්‍යයෙන් වෝල්ට් 11000(11kv) ක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල හුඟක් අය දන්නේ නැහැ,අපිත් තාම ඇහින් දැකල නැහැ .ඒ වගේ විදුලියක් මගින් සිදුවන අවාසනාවන්ත පිපුරුම් ඉතා භයානක වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් එවැනි පිපිරීමක් වෙන්න තියෙන ඉඩ හුඟාක් අවම වෙන්න තමා ඕනෑම විදුලි පද්දතියක් හදන්නේ,නමුත් විදුලිය සම්බන්ද ඉංජිනේරුවන් අතින් සිදුවන වැරදි වලදී සිදුවන පිපුරුම් ඉතා භයානකය්.
මේ සිදුවීම වුනු දිනයේ තිබුණු විදුලිය විසන්ධි කෙරීම(shut down) පැවරිලා තිබුනේ(මගේ ආයතනයේ පැත්තෙන්) මටය්,නමුත් වෙලාවක තරම වෙනත් රාජකාරියක් නිසා මට එකට යන්න බැරි උනා.සාමාන්‍යයෙන් විදුලි බිදදැමීමක් කරන්නේ අනුපිළිවෙලකට ,ඒකට සහබාගිවෙන ඉන්ජිනේරුවන්හට නිසිලෙස පිළිපැදීමට උපදෙස් තිබෙනවා.මෙතන විශේෂත්වය වෙන්නේ ඉංජිනේරුවා තමා මුලධර්ම සමග උපදෙස් ක්‍රියාවට නැගීමය්.සාමාන්‍යයෙන් පරිපථයක් භූගත(earth) කරන්නේ ඒක පුර්ණ ලෙස විසන්දි(isolate) උන පසුය්.නමුත් අදාල ඉංජිනේරුවා ප්‍රථමික බෙදාහැරීම් මධ්‍යස්ථානය(Primary distribution station) තුලදී සජීවී පරිපථයක් අත්වැරදීමකින් භූගත කලා.එහිදී විශාල පිපුරුමක් ඇතිවෙලා තියෙනවා,කොහොම උනත් ඒකට ගියපු ඉංජිනේරුවෝ දෙන්නටම හානියක් නම් නැහැ.මේක ලොකු ආන්දෝලනාත්මක සිදුවීමක් උනත් උසස් නිලධාරීන්ට මේක හොඳ පාඩමක් උනා,ඉක්මනට වැඩ කරන්න හැමතිස්සෙම කෑගහන ඒ කට්ටියට ආයෙත් තේරුණා ඉක්මන කොටය් කියල.ඇත්තටම ඒ ඉංජිනේරුවා අලුත් කෙනෙක්,එයාට ඉක්මනට වැඩේ කරන්න කියල නොසෑහෙන්න බලපෑම් කරපු නිසා තමය් එයා හදිස්සි වෙලා ඒක කරේ.හැබය් මගේ අදහසනම් ඔබ  ඉංජිනේරුවෙක් විදියට කිසිම වෙලාවක ඔබට විශ්වාස නැති කිසිම දෙයක් කරන්න හොඳ නැහැ.ඔබට හරි කියල හිතෙන දෙය පැය ගානක් ගියත් කමක් නැහැ ,නොදන්නා අවිශ්වාස දෙයට අවදානම ගන්නවට වඩා.තව දෙයක් හැම තිස්සෙම මුලධර්ම යොදන්න ඕන,ඒක කලේ නැත්තම් ලොකු අමාරුවක.ගෘහ විදුලිය(230v) භාවිතයේදී හානිය අවමය්(අවදානම අඩුය්) අධි විදුලිය(11kv,33kv) එහෙම නැහැ හැම පියවරක්ම අවදානම්.ඒක නිසා .....තමන් දන්නා දෙය කරන්න, නොදන්නා දෙය කරන්න යන්න එපා ,ඉගෙනගන්න කාලය හරියට ඉගෙනගන්න මොකද නැත්තම් මේ වගේ සිදුවීම් රැකියා කරද්දී වෙන්න පුළුවන්.(මේ ඉංජිනේරුවා කටපාඩමින් ගියපු කෙනෙක් ඒක නිසා වෙන්න ඇති එහෙම උනේ)...............අහ්හ්හ් තව දෙයක් එතන තිබ්බේ.ABB(11kv VCB).වර්ගයේ පැනලයක් නම් පිපුරුම කොහොමද කොය් පැත්තටද උනේ,කොහොමද ඉංජිනේරුවා බේරුනේ? උත්තරේ දන්නවනම් කියන්නකෝ බලන්න.

8 comments:

  1. ඔයින් ගියා මදැයි නෙහ්..
    ඔය අන්තිමටම අහල තියන පුරස්නෙට උත්තරේ කෙසේ වෙතත් මට පුරස්නෙත් තේරුනේ නෑ ඕං... :D :D

    ReplyDelete
  2. චතු ඕක එච්චර හිතන්න එපා මම ඒ පුරශ්නෙ ඇහුවේ අපේ ඉංජිනේරුවෝ වෙන්න ඉන්න මල්ලිලාගෙන්.එකට උතරේ දන්නේ ඒ අය.

    ReplyDelete
  3. මටත් ප්‍රශ්නෙ කෙසේ වෙතත් උත්තරේනම් දන්නෙ නෑ.අපි ඉතිං ඉලෙක්ටිකල් ඉගෙන ගත්තෙ පොඩ්ඩයි නෙ.

    ඔන්න මාත් මේ පැත්තෙ ආවා. අකුරු තව ටිකක් ලොකු කරලා, ඡේද වෙන් කරල ලිව්වොත් කියවන්න තව පහසු වේවි.

    ඇත්තටම බ්ලොග් අවකාශයේ දැන් වැඩිය ඉන්නෙ ඉංජොද මන්ද...? :D

    ReplyDelete
  4. කමෙන්ට් කරනකොට එන වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරන්න. එතකොට අපිට ලේසියි.

    ReplyDelete
  5. අනේ ඉතින් මාත් වෙන්ඩ ඉන්ජෙක්නේ...හී හී...

    ReplyDelete
  6. චතු ඔයාට ඕක ගැන දැනගන්න අවරුදු 3 ක් විතර යාවි.ඒක නිසා එච්චර හිතන්න එපා, ඔයාට දැන් ආසම නම් මේ කියන පැනල වර්ගය(ABB){http://www05.abb.com/global/scot/scot235.nsf/veritydisplay/b9e65afc152651fc65256f27001bb904/$file/vha%2036-hpa%20brochure1vds22001-yn%20.pdf} ගැන ඉන්ටෙර්නෙට් එකෙන් හොයල බලන්න(ඔක්කොම හරි නෑ මලෝ නිකන් පුංචි අදහසක් ගන්න).

    ReplyDelete

thanks