Wednesday, December 28, 2011

Blaaast........booom -PART 2

අදත් අපේ සෙට් එක හිටියේ විදුලි විසන්ධි කිරීමක ,වෙලාව දෙක විතර වෙලා ,,හදිස්සියේම ලැබුණු ආරංචියකින් හැමෝම කම්පාවට පත් උනා,

මොනවා ලියන්න ද ,මොනවා කියන්න ද කියල හිතා ගන්න බැහැ,ඒ තරමට දැන් මට මේ ජොබ තිත්ත වෙලා තියෙන්නේ ,එක පැත්තකින් අනතුරු ,අනෙක් පැත්තෙන් නීති හදනවා ,එව්වා හදන එවුන් පිස්සු කෙලිනවා.ඕන තැන මග හරිනවා ,මිනිස්සු තලන්න නීතිය පාවිච්චි කරනවා.ඔක්කොම මුන් ගේ වාසියට,බෙරිල්ලට කියල හිතෙන්නේ .
ඉගෙන ගත්ත එවුන් උඩට යනකොට මේ කාලකන්නි කේරල යක්කු ටිකට නිකන් ඉන්න බෑ,හරියට වැඩක් කරන්නත් බැහැ.හුඟක් ඉන්දියන් එවුන් එහෙමය් ...හනේ අන්තිමට කොහොම හරි මිනිහෙක්ගේ ජීවිතයට හානියක් ...
මුන් එකෙක් වත් තව එකෙක් ගැන හිතන්නේ නෑ,අඩුම ගානේ තමන්ගේ රටේ එකෙක් කියල වත් ..ශිහ් මහා කාලකන්නි මිනිස්සු ටිකක්.
දුප්පත් කම්කරුවා කොහොමද ජීවත් වෙන්නේ කියල මම හොඳට දන්නවා .උන් කොහොමද සල්ලි හම්බ කරන්නේ ,එකට කන කට්ට කොහොමද ...
මෙව්වා ලොකු මිනිස්සු වෙන ,උපාදි ගන්න ඕනෑම මිනිහෙක් අත්දකිනවා නම් නේ ද ..
මම බඩගින්නේ ඉඳපු නිසා එකේ දුක හොඳට දන්නවා ,කොච්චර වැඩ තිබ්බත් කාම කන මිනිහෙකුට මම වැඩ කියන්න යන්නේ නැහැ,එහෙම කරන්න දෙන්නෙත් නැහැ ඕන එකෙක් ඕන එකක් කියපු දෙන මම වැඩ කරන්නේ එහෙමය් .
මම සල්ලි හම්බ කරන්න දුක් විඳපු නිසා ඒකෙ වටින කම ටිකක් විතර දන්නවා ,....(කියල ඉවර වෙන්නේ නැති කතාවක් පටන් ගන්න ඕන නැහැ නේ ද )
හරි එහෙනම් ඉන්න මම විස්තරේ කියන්නම් ,අද මමත් එක්ක ලඟින්ම වැඩ වලට සහය දුන්න සුඩාන ජාතික ඉංජිනේරුවරයෙක් අනතුරට ලක් උනා.ඒ පරණ වර්ගයේ ගෘහස්ත උප පොලක් තුල ස්විචීය කරණය(එක පාරක් සිංහලෙන් ලියන එකට මට එක කෙනෙක් විහිළු කරා,මම දෙකම දන්නේ නැහැ කියල ඒක නිසා පුළුවන් තරම් සිංහල වචනම ලියනවා -වැරදි තැන කියන්න හොඳේ) කරද්දි සිදුඋන පිපුරුමක් නිසා.ඇත්තටම මොකද උනේ කියල තාම දන්නේ නැහැ .කව්රුත් කියන්නේ සාමාන්‍ය තුවාල කියල .එත් කොහොමද කියල බලන්න යන්න වත් විදියක් නෑ .,ගියත් බලන්න තියා ඇතුලට වත් යන්න දෙන්නේ නැහැ පරීක්ෂණ ඉවර වෙනකම්.
HMMMMMMMMM..
හෙට රෑ වෙනකොට ලියන්න බලමු දැන් වෙලා නැහැ ,,හෙට මට  විදුලි විසන්ධි කිරීම් දෙකක් තියෙනවා උදේ එකය් හවස එකය් .,අනික අද වැඩ ඉවර උනේ හවස හතට විතර ..ලියන්න ඕන උනත් හරි මහන්සිය් .

Friday, December 16, 2011

කම්බි වර්ග,කම්බි දැමීම,කම්බි ටෙස් ...

කාලෙකින් මුකුත් දැම්මේ නැති නිසා කම්මැලි කම යන්නත් එක්ක අපි වැඩ කරන සයිට් එකේ පහුගිය දවස් වල උන අපුරු සිද්දි එක්ක වැදගත් දේවලුත් දෙන්න කියල ලියන්න හිතුන.හරි මේ දවස් වල ආපු ගියපු අයට බොහොම ඉස්තුති කරන ගමන් මම පටන් ගන්නම් හොඳේ,
එකදවසක් අපේ අධි විදුලි කාර්මිකයෝ දෙන්නෙක් පොඩි වැඩක් කරන්න එලියට ගියා,ඒ සයිට් එක බාරව හිටියේ මම නිසා මමත් එතනට ගිහින් හිටිය(අපි දවසට වැඩ ගොඩක් බාරගන්නවා,එත් ලොකු වැඩේ කියල හිතෙන එකට හරි සැක තියෙන තැනකට හරි යන එක තමා හොඳම දේ) ,දැන් ඔන්න ගිහින් බැලුවහම හාරලා තියන්න ඕන තැන වැඩේ කරන්න බැහැ,ඉතින් ආයේ හාරන්න පටන් ගත්ත.ඔන්න වැඩේ පටන්ගත්තට පස්සේ මුන්ට වැඩේ මැදදී ඇනුන කියන්නකෝ,දැන් මේ වැඩ කරන්නේ පරණ මිනිස්සු දෙන්නෙක්,එකත් මේ අය අධි විදුලි කේබල් එක්ක වැඩ කරන අය,එත් අද කරුමෙට මුන්ට 230විදුලිය බෙදාහරින කම්බියක් එක්ක හෙමෙන් හෙමින් විනෝද වේවි වැඩ කරනකොට අන්තිමේ වැරදියට තමා ඇතුලේ හරය සුද්ද(core)කරලා තියෙන්නේ දැන් මුන් කම්බිය එහෙට නවනවා මෙහෙට නවනවා හෙහ් හෙහ් අපි දෙන්නට(මමය් මගේ රියදුරය්) හිනා කාල (හෙන කය්වාරු ගහල නේ වැඩේට ගියේ) ....කොහොම හරි මෙතන ගන්න ඕන දේ තමා ,

" අපි කොච්චර පරණ උනත්,කොච්චර අත්දැකීම් තිබ්බත් වැඩේ ලේසි විදියට හිතල මුලික දේ,සිද්ධාන්ත අමතක කරොත් අමාරුවේ වැටෙනවා කියන එක."

හරි ආයේ පාඩමට,
 කම්බි එහෙම නැත්තම් කේබල් වලින් භූගත පද්ධති වලට යොදන කේබල් දෙවර්ගයක් මෙහෙ පාවිච්චි වෙනවා.ඒ තමා පී.අය්.එල්.සි. සහ එක්ස්.එල්.පී.ඊ. කියන දෙවර්ගය, ඔය (PILC-Paper Insulated Lead Sheathed ) වර්ගය දැනට භාවිතයෙන් ඉවත්කරමින් යන එකක්,ප්‍රයෝගිකව ඒවා එක්ක වැඩ කරද්දී තියෙන ලොකුම පාඩුව තමා පාස්සන්න වෙලාව යන එක (තාක්ෂණිකව ඒ වැඩේ හරියටම හරි උනත්).එත් (XLPE-Crossed Linked Poly Ethylene) වර්ගය දැනට වැඩට පහසු අලුත් පරිපත වලට යොදාගන්නවා,වැඩ කරන්න ලේසිය්,ඉක්මන්,ලෙඩ දෙන්න තියෙන ඉඩ අඩුය්.

කම්බි දමනකොට/එලන කොට මොනවාද සැලකිය යුතු දේවල්,
01.කම්බිය දමන අගල නිසි පරිමාවකට සෑදිය යුතුය්,නිවැරදි තැන වල පිහිටිය යුතුය්/සටහන් සිතියම් වලට අනුවම සිදු විය යුතුය්.(පස්සේ කාලෙක හාරනකොට තමා ෆන් එක).
02.කම්බිය එලන්න පෙර නියමිත ස්ථර(වැලි/පව්ඩර්) නිවැරදිව තිබිය යුතුය්.(ගල් වලට තැලිලා ලෙඩ එනකොට තමා ෆන් එක).
03.සම්බන්දක ස්ථාන වල කම්බිය ඒ සඳහා ඉතුරු කල යුතුය්.(එක ජොයින්ට් එකක් වෙනුවට දෙකක් ආවම තමා ෆන් එක).
04.නිවැරදි අවසර පත් ලබාගත යුතුය්.(මේක ඉතින් ඔක්කොටම කලින් තියෙන්න ඕන ,නැත්තම් ඉතින් ෆුල් ෆන් තමා).
05. කම්බිය දාල ඒක හරියට වහන්නත් ඕන හොඳේ.(02 බලන්න).
06.වැඩක් කරනකොට ඒකට හරියන මිනිස්සු අරගෙන යන්න ඕන.(දැක්කනේ මට තිබ්බ ෆන් එක-එදා නම් මිනිස්සු හිටියේ නැති නිසා එහෙම කරේ).

කම්බි ටෙස්ට්,
ඉතින් අපි කම්බි සම්බන්ද කරන්න කලින් ඒ වෙනුවෙන් කරන අත්‍යවශ්‍ය පරීක්ෂණ/දේවල් තියෙනවා,
01.කම්බියේ සම්බන්දකතාව (continuity of the cable).
කම්බියක් එක කොනක ඉඳන් අනෙක් කොන වෙනකන් විදුලිය කරදරයකින් තොරව ගලනවද කියල හොයන්නේ මේකෙන්.සරලව අපිට බසර් එකෙන් පටන් මෙගර් ආදී ලෙස අන්තිම සියුම් උපකරණයක් දක්වා යොදාගන්න පුළුවන්.මේ බල විදුලි කම්බි වලදී නම් එච්චර දෙයක් නෑ,බසර් එකත් හොඳටම ඇති(ප්‍රයෝගිකව ඇති,මොකද මේ කම්බිය හානි නොවෙන ලෙස තමා එලන තැන වෙනකන්ම යන්නේ,එත් අර සම්බන්දක තැන තමා සැක).
02.පරිවරණ ප්‍රතිරෝධය(Insulation resistant).
මේක තමා වැදගත්ම දේ,දැන් 11000 යන කම්බියක් නම් අවම කි.වෝ.5 මෙගර් එකකින් ටෙස්ට් කරන්න ඕන.,එත් 415 නම් ඉතින් කි.වෝ. 1 තමා.වැඩ කාරයෙකුට මේකේ අගය , කම්බියේ තියෙන දත්ත,ජොයින්ට් ගාන අනුව ආයු කාලය ගැන අදහසක් දෙන්න පුළුවන්,ඒ වගේම සමහර වෙලාවට ජොයින්ට් ගැන විශේෂ ප්‍රකාශ කරන්න පුළුවන්.
03.වර්ණ සම්මතය(Colour coding,RYB coding).
දැන් කම්බිය හොඳය් නම් කම්බිය වර්ණ සම්මතයට අනුව වර්ණ ලබාදීම කරන්න ඕන(විශේෂ අවස්ථා).ඉතින් මේකට අපි යොදාගන්න බනානා එහෙම නැත්තම් විවිධ ප්‍රතිරෝදතව සහිත ක්ලිප් හතරක් ඇති උපාංගයක් යොදාගන්නවා.මේක කඩේ ගන්න තියෙනවා,අපිට හදාගන්නත් පුළුවන්.හරියට බනානා එකක් එක්ක හොඳ මල්ටි මීටරයක් යොදාගෙන,අනෙක් දේවල් කරන්නේ නැතුව කම්බියේ තියෙන ඔය ලොකුම ලෙඩ/ටෙස්ට් දෙක(1 හා 2) ගැන බොහෝ විට කියන්න පුළුවන්.  

කොහොම උනත් මම පහුගිය දවසක කම්බියක් ටෙස්ට් කරන්න ඕන කියල සැක හිතිලා බනානා එක ගහල බැලුව (මගේ තියෙන්නේ මම වෙනමම පුද්ගලිකව හදපු එකක්).මෙන්න බොලේ ලෙඩක් තියෙනවා.ඉතින් සිකුරාදා නිවාඩුවට හරියන්න ලොක්ක ගිනි තියල තමා මම සයිට් එකෙන් ආවේ.පස්සේ ඔක්කොම අහනවා කොහොමද ලෙඩේ හෙව්වේ මෙගර් නැතුව කියල.මම කිව්වා ඒක මට මගේ රියදුරා කිව්වේ,ඒ නිසා මම කිව්වා කියල..හ හ .

මම දැනට ආයතනෙට මගේ ඉල්ලා අස්වීම දීල තියෙන්නේ,මාර්තු වල මම ආපහු එනවා.පස්සේ මොකද වෙන්නේ කියල දන්නේ නැහැ,එත් මම ලංකාවට ඇවිත් බලනවා ඊට පස්සේ තමා මොකක් හරි තීරණයක් ගන්නේ.
ඔක්කොටම වඩා දුක හිතෙන්නේ අපේ මොලෙන් ලොකු එවුන් වැඩ අරගෙන පස්සේ උන්ගේ වීරකමක් කියල ඒක පෙන්නන එක.අපි කොටන් අදින්නය් වෙන කෙනෙක් පෙරහරේ යනය් ඕන නැහැ නේ ,දැන් ඉතින් මම ගියාට පස්සේ ඔය පෙරහරේ යන ඇත්තු අදින්නේ නැත කොට ...

හා දැන් ඉතින් ඕන දෙයක් තියෙනවා නම් අහන්න ,වැරැද්දක් තියෙනවා නම් කියන්න,කියන්න තියෙන දේ ලියල දාන්න,ඕක හිතේ තියන් හිටියම ඔයාටත් පාඩුය්,මේ මටත් පාඩු වෙන්න පුළුවන් ...ඔකේ  එහෙනම් හැමෝටම ස්තුතිය්.