Friday, October 21, 2011

මේ දවස් වල වෙලාව නැහැ එකය් කිසිම පොස්ට් එකක් දැම්මේ නැත්තේ

ඉතින් කට්ටිය ලියන බ්ලොග් ටික බලල මොකක්ද ලියන්නේ කියල හිත හිත ඉන්න ගමන් තම මම කොමෙන්ට් බැලුවේ ,ලිව්වේ නැතත් පරණ පොස්ට් වලට ලැබුණු කොමෙන්ට් දැක්කහම මොනවහරි ලියනවා කියල හිතුව.
සමහරු කතා ලියනවා,සමහරු කවි ලියනවා....එක එක අයට එක එක ටලෙන්ට් නේ ඉතින් මම ඔය නොදන්නා කවි ලියල අමාරුවේ වැටෙන්නේ නැතුව දන්නා එකම ලියන්න ඕන කියල හිතෙනකොට පහුගිය දවස් දෙකේ මට වෙච්ච දේවල් ටිකක් ලියන්න ඕන කියල හිතුන.
මේ ලඟදි මම මෙහෙ එන්න කලින් හිටපු ඉස්කෝලේ (මම කලින් වැඩ කලේ ගම්පහ ලය්සියම් ජාත්‍යන්තර පාසලේ ඉලෙක්ට්‍රොනික් ගුරුවරයා විදියට-එතන ඉන්න ගමන් මම පාර්ට් ටයිම් ඉගෙනගත්ත නේ),ගෝලයෝ කීපදෙනෙක් ෆේස් බුක් එකෙන් හම්බු උන නිසා ඒ හැමෝම එක්ක ටික ටික චැටක් දැම්ම.මම ඉතින් කොහේ ගියත් ටිකක් එක විදියක මනුස්සයෙක් නිසා සමහර ගෝලයෝ මට ටිකක් අකමත්තකුත් තිබ්බේ නැතුවම නෙමේ.
හැබය් හැමෝම වගේ මට සුභපතද්දී මට කනගාටුවකුත් අවා..,කොහොම උනත් මම ඒ දවස් වල ඉස්කෝලේ හිටිය ලාබාල,සැර,හරිම සීරියස් කෙනෙක් විදියට හිටිය ඒක ඒ ලෙවෙල් කොල්ලෝ ටිකට නම් ඇල්ලුවේ නැහැ (හැමෝම නෙමේ ඉතින්).ඉතින් අන්න එහෙම කොල්ලෝ දෙන්නෙක් මේ චැට දමන අතරේ messege කරා,ඉතින් මමත් සෙට් උනා...අන්තිමට මට තේරුණා ඒ අය මම කියන දේ තේරුම් ගන්න තරම් මට්ටමක නැහැ කියල ,ඉතින් අන්තිමට මම ඒ අයව මගේ friend ලිස්ට් එකෙනුත් අයින් කරනවා කියල හිතාගෙන හිතහදාගත්තා..   
අද දෙමව්පියන්ගේ සල්ලි නිසා ඒ අය වැරදි තැන හිටියත් කවද හරි ඇත්ත තේරෙනකොට ඒ අය වෙනස්වේවි කියල තමා හිතන්න තියෙන්නේ....
කොහොම උනත් මම වැරදි දෙයට අදත් වැරදිය් කියන එක කියන්න පස්ස ගහන්නේ නැහැ.හැබය් කව්රුහරි මට මගේ වැරැද්දක් පෙන්නනවා නම් ඒක පිලිගන්නත් මම මැලි වෙන්නේ නැහැ..(කොච්චර බාල කෙනෙක් උනත් එක මට ගැටලුවක් නෙමේ).
හරි දැන් මම කියන්න යන්නේ ම ලඟදි දවසක අපි කරපු ලොකු වැඩක් ගැන.,
අපි සාමාන්‍යයෙන් ඉන් ඩෝ සබ්ස්ටේසන් එකක් කියල හිතන්නේ පැනල් කීපයක් තියෙන එකකට,එත් පැනල් දහයක්,දොළහක්  තියෙන අලුත් එකක් හදද්දී හරිම පරිස්සම් වෙන්න ඕන,
අපිට වෙලාව කියන ඒක අන්තිමට නැතිවෙන හින්දම අපි කරන හැම වැඩේම නිවැරදිව කරේ නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
අපි ටාර්ගට් වලට යද්දී ඒක හරියටම සංවිදානය කරගත්තේ නැත්තම් අන්තිමට වෙලාව නැති වෙන එක අනිවා.(අපේ ලොක්කට එස් ඩී එක දුන්නේ සති දෙකකට කලින් පලන ගහන්න ගත්තේ සතියක වත් නැතුව ) 
ව්‍යාපෘතියේ ලොක්කෝ හරියට අවශ්‍ය කරන උපකරණ සහ උපාංග වෙලාවට සපයන්නේ නැත්තම් සේවකයෝ කොච්චර හිටියත් එකෙන් වැඩක් නැහැ.(මිනිස්සු බඩු එනකන් සයිට් එකේ නිදාගන්නවා උන්ට යන්නත් බෑ,ඉන්නත් තැනක් නෑ..)
උපකරණ ප්‍රවාහනය සහ පැටවීම-බෑම කරද්දී කිසිම හානියක් නොවෙන්න සිදුකරන්නත් ඕන(කොහෙද කය්වරු ගහල වැඩේ කරද්දී කෙලව ගන්න අය අපිටත් ඉඳල හිටලා හරි ලැබෙනවා නේ ).
උපකරණ,මෙවලම්...ඔක්කොම හරියට ස්ථානගත කරත් අවශ්‍ය සේවකයෝ නැත්තම් ඒකෙනුත් වැඩක් නැහැ කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ.(කලින් දවසේ මිනිස්සු නිකන් හිටි නිසා එදා මිනිස්සු අඩුවෙන් දැම්ම (ලොක්කම තමා ඉතින් ),එදා මෙන්න බඩු ඔක්කොම ඇවිත්..හි හි ).
හරි උපකරණත් තියෙනවා මිනිස්සුත් ඉන්නවා එත් ඒක හරියට කළමනාකරණය කරේ නැත්තම් ඉතින් වැඩේ පරක්කු වෙනවා ,අනික මිනිස්සු හිටියට වැඩක් නැහැ නේ මිනිස්සු වැඩේ දන්නා අය වෙන්න ඕන(ඔන්න ගියපු ගමන් පලවෙනි දවසේ කේබල් දාගෙන දාගෙන ගිහින් බැලුවහම කට්ටියක් (ප්රෝටෙක්සෝන් ) එකවිදියකට දාල ,අනික් එවුන්(එච් වී) තව විදියකට දාල ) .
කොහොම වැරදුනත් අන්තිමට හදාගන්න කාලේ තියෙන්න ඕන /ටෙස්ටින් කාලය (ඔන්න ඔහොම ලොක්ක කෙලොගත්තට පස්සේ දවසක් තියල මට කියනවා ගිහින් බලන්න කියල ,එතකොට මම ගිහින් වැරදි හොයල ඒ මිනිස්සු ආපහු  දමල හරිගස්සන කොට තමා උන් අර කලින් ආපු එකාගේ අම්ම තාත්ත මතක් කර කර ...ලොල් , ).
කොහොම උනත් ඔහොම සැක තියෙන සයිට් වලට හොඳ කෙනෙක් ඉන්න එක එස් ඩී එකට හොඳය්(එතකොට තමා මම ලොක්කගේ අම්ම,තාත්ත ....ඇය් ඉතින් බ්‍රහස්පතින්දා කියන්නේ වරුවෙන් නිවාඩු එදාටත් අනුන්ගේ කුණු නිසා කෙලවෙන එකට කාටද මල පනින්නේ නැත්තේ ඕය්?).



අන්තිමට වැඩේ හරියට උනා කියල ෆීඩ් බැක් එකක් තියෙන්නත් ඕන /පසු විපරම කරන්න සුදුසු කෙනෙක් ඉන්නත් ඕන.
{කොහොම හරි අපි වරුවෙන් ඉවර කරා,එත් ආණ්ඩුවේ  ඔපිසි වල පුටු වල ඉන්න එවුන් පරක්කු කොරා ඒකට ඉතින් මොනවා කරන්නද ඒක තමා මම මුලින් මගේ ලොක්කට බැන්නේ(ඕක වෙන බව දන්නා නිසා )}.