Sunday, September 25, 2011

ටික කාලෙකට පස්සේ

අද ටිකක් වෙනස් ආකාරයක එස් ඩී එකක් (හැමදාම වගේ නොවී වෙනසක් ) කරා,ඒකියන්නේ අපි අද එස් ඩී එකෙන් ප්‍රය්මරි ෆිඩරයක් ඩය්වර්ට් කරා,එතකොට ඔය වැඩේදි අපි අනුගමනය කරපු පියවර තමා ,
1.අලුත් කේබල් එක මෙගර් කිරීම කරා.
2.කොන්ටිනුවිටි බැලුව.
3. ෆේස් සම්මතය අනුව ඉස්තිර කොරා.
4. පරණ කේබලේ භූගත කොරා.
5.ඉස්පයික් කොරා.
6.කේබලේ දෙපසම සකසා ගත්ත.
7.එක පසක සම්මතය යොදල අනෙක් පස සම්මතය සොයාගෙන එය ඉස්තිර කොරා (කලා වෙනස ගැන සම්මතය).
8.පි ටි ඩබ්ලිව් දුන්න.
9.ඔන්න කට්ටිය වැඩ පටන්ගත්ත.
10.වැඩේ ඉවර කරා.
11.පි ටි ඩබ්.කැන්සල් කරා.
12.ප්‍රේසර් ටෙස්ට් කරා.
13.රි ඉස්ටෝර් කොරා.
14.පෙසින්ග් කොරා.
15.ට්‍රිප් ටෙස්ට් කොරා.
16.එන්.ඕ.පි.එක පරණ තැනටම ගෙනිච්ච.
17.තව මොනවාද ඉක්මනට ගෙදර ආව. ලොල් ..

Sunday, September 11, 2011

මොකක්ද මේ හැමතැනම වෙන නොසැලකිල්ල

අදත්  වැරැද්දක් නිසා එක් තාක්ෂණ ශිල්පියෙකුට තම ජීවිතයෙන් ...........උනා කියල තමා ආරංචිය මේක තාක්ෂණ ශිල්පියින්ට නම් හොඳ ආරංචියක් නෙමේ .... මට ලැබුණු ආරංචි වලට අනුව නම් පරිපත මාරු වීමක්... ඒක ඉතින් ශිල්පියාත් හොඳින් බලන්න ඕන දෙයක්...

පලවෙනි දෙය -කිසිම පරිපථයක් භූගත කරන්න යනකොට ඒකෙ විදුලිය තියෙනවද කියල කොන්ෆෝම් කරන්න ඕන කියන එක.
02-තමන් කාර්මිකයන් හට දෙන අනුමැතිය අදාළ පරිපතයටමද වෙනත් පරිපත වලින් පූර්ණව ආරක්ෂිතව අය්සොලේෂන් කරලද.
03-වැඩ පටන්ගන්න වෙලාවට අනතුරක් ඇතිවෙනවා නම් කොහොමද අවම හානිකර තත්ත්ව යටතේ බේරෙන්නේ/බෙරන්නේ.
04-රිස්ටොර්කරන පියවරයන් පටන්ගන්න කලින්  ඔක්කොම භුගතයන් ඉවත්කරලද
05-හැම පරිපථයක් ම එකතුවෙන තැන්වල පේස් මැචින් හරිද(වර්ණ අනුව නිවැරදි ජොයින්ට්,ටර්මිනේෂන් කරලද).

මොන වැඩේ කරන්න කලිනුත් තමන් කරන්නේ මොකක්ද,ඒක කරන්නේ කොහොමද,කොතනද වරදින්න පුළුවන්,තමන් වැඩේ පටන්ගන්න කලින් ඕන කරන ලියවිලි සහ උපකරණ මොනවාද,අවට පරිසරය ආරක්ශිතද,හදිසි අවස්තාවන් මොනවාද/එහෙම දෙයක් උනොත් කරන දෙය මොකක්ද,තමන් වැඩේ පටන්ගන්න  යන්නකොට කොහොමද එතන වැඩ කරන්න පුළුවන් කියල තමන්ට විශ්වාස කරන්න පුළුවන් සාක්ෂිය.වැඩේ කරගෙන යනකොට වෙන්න පුළුවන් අනතුරු ඒවා අවම කරගන්න පිළිපදින්න ඕන උපදෙස්.....(මෙව්වා තම සේෆ්ටි කියන්නේ )...

අදට මේ ටික ඇති ,මම නම් ඔන්න අද එච් වී එස් ඩි එකක් කරා,මෙන්න පියවර ඉතාම සරලව.
[මේක එක 11kV to කන්සියුමර් -එස්.එස් (උප පොළ/සබ් ස්ටේශන් ) අලුතෙන්ම පරිපතයට එකතුකිරීමක් ]
01-උප පොළ සුදානම් කිරීම.
02-පරිපථය අය්සොලේට් කෙරීම.
03-කේබල් එක ඩිටෙක් කිරීම හා පූර්ණව භූගත කිරීම .
04-ඉස්පයික් කෙරීම .
05-පී.ටී.ඩබ්ලිව්.
06-ජෝයින්ටින්.
07-කැන්සල් පර්මිට්.
08-අවශ්‍ය අර්ත් ඉවත්කිරීම.
09-ප්‍රෙෂර් ටෙස්ට්.
10-රිස්ටොර් /අවශ්‍ය වෙනත් ස්විචින් සහ අවශ්‍ය ෆේසින් ටෙස්ට්.  

Thursday, September 8, 2011

හය් පො ටෙස්ට්

ඔන්න අර කියපු 3 න් එකක් ගැන කියන්න තමා යන්නේ .කව්රුත් දන්නවා මෙගර් කරන්නේ කොහොමද?,එකේ වාසිය මොකක්ද ? ,කියල .
මෙගර් වල වෝල්ටේජ් එක අනුව සහ රේන්ජ් එක අනුව අපි යොදන තැන වෙනස් වෙනවා කියලත් දන්නවා ඇතිනේ...
(මේක නිකන්ම පාඩමක් වෙලා වගේ )
එතකොට ඔය හය්පෝ ටෙස්ට්(ප්‍රෙෂර් ටෙස්ට්) කරන උපකරණයත් ඒ වගේම තමය්.වෙනසකට තියෙන්නේ ඒක හැම තිස්සෙම වගේ සම්පුර්ණ වැඩ කටයුතු ඉවර වෙලා පරිපථය රිස්ටෝර් කරන්න කලින් කරන අන්තිම ටෙස්ට් ඒක විදියට යොදන එක තමා..
 අපි සාමාන්‍ය එච් වී එස් ඩී එකකට ගියහම මුලින්ම කරන්නේ අපේ ඩ්‍රෝවින් එක කොන්ෆොර්ම් කරන එක තමා(අපේ උපකරණ වල අඩුපාඩු,වෙනත් අපහසුතා) ,ඊට පස්සේ අපි අලුතෙන් දාපු කේබල් මෙගර් කරනවා.

ඔක්කොම හරිනම් තමා එස් ඩී එක දෙන්නේ .
එස් ඩී එක පටන් ගන්න මුලින්ම කරන්නේ පලවෙනි සැපයුම විසන්ධි කරන එක(එකට ලෝඩ් එක බලන්නත් ඕන ).
පස්සේ දෙවන තුන්වන සැපයුම් තියෙනවා නම් ඒවත් අනුපිලිවෙලට විසන්ධි කරන්න ඕන.
පස්සේ පරිපතයට  තියෙන ඔක්කොම සැපයුම් විසන්ධි උනා කියල කොන්ෆොර්ම් කරන්න ඕන.
වැදගත් වැඩේ ඊට පස්සේ ,භූගත කිරීම...
එකත් පිළිවෙලට එකින් එක වෙන වෙනම කොන්ෆොර්ම් කොරල භූගත කරන්න ඕන(මේක හරිම වැදගත් ඒ වගේම භයානක ම වැරැද්ද සිදු වෙන්න පුළුවන් තැනක් ).
පස්සසේ එස් ඩී එක පටන් ගන්නවා (ඒ කියන්නේ වැඩ කරන සේවකයොන්ට පටන් ගන්න පුළුවන්).
එස් ඩී එක දුන්නට පස්සේ (පී.ටී.ඩබ්ලිව්.-පර්මිට් ටු වර්ක්) මුලින්ම කරන්නේ කේබල් වල තියෙන වර්ණ සටහන් කරගෙන කොන්ෆෝම් කරන එක (ඉන්ජිනේරුවාගේ වගකීමක්).  
ඔන්න දැන් තමා ජෝයින්ටර් ලගේ වැඩේ පටන් ගන්නේ.
ඒ අය නිවැරදිව වැඩේ සිදුකරනවද කියල බලන ගමන් උපකරණ වල තියෙන අඩුපාඩු,සබදතා වල තියෙන අඩුපාඩු බලන්නත් ඕන (එක සුපවය්සර් ගේ ඩියුටිය උනත් අපිත් බලන්න ඕන ).
ඔක්කොම ඉවර වෙලා පී ටී ඩබ්ලිව් එක ජෝයින්ටර් කැන්සල් කරලා අපේ අතට දෙනකන් අපිට තියෙන්නේ සැරින් සැරේ හොයන එක තමා.
ඊට පස්සේ පිළිවෙලට පරිපථයේ භුගත්කිරීම් ඉවත්කරලා එක තැනකට යන්න ඕන මේ හය්පො. ටෙස්ට් එක කරන්න(හුඟක් වෙලාවට ඉන්/ඩෝ සබ් ඉස්ටේසමක තමා මේ ටෙස්ට් එක කරන්නේ).
http://www.sppowersystems.co.uk/NewConnections/pdf/SUB-02-613%20Issue%201%20-%20Electrical%20Insulation%20Testing%20of%20HV%20Equ.pdf

අද මම මේක ඩී සී කිට් එකකින් කරනවා කියල උපකල්පනය කරනවා.
මුලින්ම එක පරිපථයකට කරලා පස්සේ ඊළඟ එක එකක් පිළිවෙලට කරන එක තමා සාමාන්‍ය ක්‍රමේ.
අපි එක සර්කිට් එකකට මේක කරන්නේ මෙහෙමය් 
ඔය කිට් එකේ ප්ලස්.මය්නස්. අර්ත් කියල ප්රොබ් තුනක් එනවා.මුලින්ම අර්ත් එක උප පොලේ මේන් අර්ත් එකට ගහන්න ඕන(සෙට් කරන්න ඕන ).
පස්සේ අදාළ පරිපථය තියෙන කෝර් තුනම(ආර්.වය්.බී.) එකට ෂෝට් කරලා මය්නස් ප්රොබ් එක එකට කොනෙක්ට් කරන්න ඕන.
ප්ලස් එකට මුකුත් කරන්නේ නැහැ (ඔපෙන් තියන්න ඕන කිට් එකෙන්ම-ප්රොබ් ගහන්නේ නැහැ ).
දැන් ප්‍රේසර් ටෙස්ට් කිට් එකට සප්ලය් දීල එකෙන් ඕන කරගෙන බින්දුවේ ඉඳන් කිලෝ වෝල්ට් 11 වෙනකන් හෙමින් වැඩි කරන්න ඕන (ලීක් එක බලන්න අමතක කරන්න එපා-උපරිම මිලි අටය් ).
දැන් කි.වෝ. 11 කදී අපි විනාඩි පහක් තියන්න ඕන (අඩුම දිගක් නම් විනාඩියකුත් ඇති ).
සැරින් සැරේ ලීක් එක බලන්නත් ඕන (< 5 mA කියන්නේ ගොඩ  )
දැන් හෙමින් අර 11000 ටික ටික අඩු කරන්න ඕන.
0 දක්වා අඩු කරත් ඔයාලට අගයක් පෙනේවි.
දැන් අර අර්ත් ඉස්ටික් (රොඩ්/ පෝල්-කියලත් කිව්වහැකි) ඒක අරගෙන කෝර් එක අර්ත් කරන්න ඕන (සැලකියහැකි ඉස්පාර්ක් එකක් එන නිසා පරිස්සම් වෙන්න- ඉස්පාර්ක් එක අඩු වෙන්න විවිද උපක්‍රම යොදාගන්න පුළුවන්  {විදුලිය ගැන සාමාන්‍ය දැනුම යොදන්න/එච් වී ලැබ් වල ප්‍රයෝගික දැනුම ) . 
පස්සේ ඒ කෝර් 3 න් 2 ක් ෂෝර්ට් කරලා (ආර්.වය්.) පොසිටිව් ප්රොබ් එක ගහල ,නෙගටිව් ඉතුරු කෝර් එකට ගහල ලීක් එක බලනවා(කෝර් ටු කෝර් වෝල්ට්  22000 ක් පීක් එනවනේ ).පස්සේ ඉතුරු උන කෝර් 2 ත් බලනවා(< 3 mA ).
ඔන්න ඔක්කොම හරි නම් ටෙස්ට් එක ඉවර තමා (හරි කියන්නේ ලීක් එක අඩු නම් හරි).
පස්සේ අර ඔක්කොම යේ පිළිවෙලට රිස්ටෝර් කරලා එස්.ඩී එක ඉවර කරනවා...
තව දේවල් මට මතක වෙලා තිබ්බොත් අමතරව දාන්නම්,මම සයිට් එකේ හිටිය නම් පියවරවල් ඔක්කොම මතක් වෙනවා.ඉතින් මෙහෙම කාමරේ ඉඳන් ඔක්කොම මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්.
හරි හරි ඔය තියෙන පී.ඩී.එෆ්. එක ටිකක් උදව් වේවි,ඔක්කොම හරි නැති වෙන්න පුළුවන් මම මේ නෙට් එකෙන් බා ගත්ත එකක් නේ . 
හ්ම්ම්ම් ............අනේ ලොකු අය්යල අක්කල  තියෙන අඩු පාඩුවක් කියන්න හොඳේ ,දන්නේ නැති මල්ලිලා නන්ගිලත් මේක බලන්න පුළුවන් නේ.


Wednesday, September 7, 2011

එම් වී එස් ඩී පාර්ට් ටු

අද මම කතා කරන්න යන්නේ ෆිඩර් කීපයකට එකපාර එස් ඩී එකක් දෙනකොට කොහොමද අපි කරන්නේ කියල,,,මෙව්වා සිම්පල් කේස් තමා,එත් ඉතින් කමක් නෑ.අඩුපාඩු හරි යෝජනා හරි තියෙනවා නම් කව්රුහරි කියලදෙන්න කියලත් ඉතා ගව්රොවයෙන් ඉල්ලනවා හොඳේ.
ඉතින් සාමාන්‍ය විදියටම(කලින් එස් ඩි එකක් සරලව කරපු හැටි මිට කලින් මම ලියල ඇති ඒක බලන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ) අපි කරන්න ඕන එක පීඩරෙකට එස් ඩී එක දෙන එක(ඔය ඩ්රෝවින්ග් එහෙම බලල ).
ඊට පස්සේ තමා හිතන්න ඕන අනෙක් එව්වා කරන එක ගැන.
හරි කොහොම හරි අපි එස් ඩී එක ඉවර කරලා රීස්ටෝර් කරන වෙලාවට තමා වැදගත්,ඔය වැඩ කරන තැන වලින් මිනිස්සු ටිකකට ඉවත් කරලා තමා රීස්ටෝර් පටන්ගන්න ඕන.(පරීක්ෂා කරන ටික වෙලාවකට විතරය්).
පියවරෙන් පියවර මේ විදියට වැඩ ඉවර වෙන හැම එකක්ම රීස්ටෝර් කරනකොට වෙලාව වගේම වැඩෙත් පිළිවෙලට අවම එස් ඩී කාල පරාසයකින් වෙනවා.(එකට තමා කන්සුමර්(පාරිබෝගිකය)  කැමති).
මේ වගේ ෆිඩර් වැඩි එස් ඩී එකකට හරිම වැදගත් ඩිටෙක්ටර් ,ලයින් ටෙස්ටර්,මල්ටි මීටර්,රෝටෙෂන් මීටර් ,වගේ එව්වා තමා ...(දන්නවනේ හේතුව-ඕන නම් අහන්න).
හැම පියවරක්ම කොන්ෆෝම් කරන එක තමා රහස.
වෙන්න පුළුවන් වැරදි
01.වැරදි ෆිඩරෙකට එස් ඩි එක දීම(උපකරණ පෙර සුදානමක් නැති නිසා හානි විය හැක,වෙනත් හානි ).
02.වැරදි ෆිඩර තෝරාගෙන ජොයින්ට් සිදු කිරීම(රීස්ටෝර් වලදී පිපුරුම් හෝ වෙනත් හානි).
03.මිනිසුන් වැඩ කරන ෆිඩර් වල සප්ලය් රිස්ටෝර් කිරීම(බහුලව සිදු වන භයානක තත්වයකි-එම නිසා ලොටෝ භාවිතය වැදගත්).
04.කිසියම් පරිපථයේ ඇති වැරදි සම්බන්දයක් නිසා වැඩ කරන පරිපතයකට විදුලිය ගමන් කිරීම(බහුල නැතත් සිදු විය හැක-බලාපොරොත්තු නොවන භයානකම තත්වයකි).
05.ජෝඉන්ට් වල සිදුවන සම්මතයන් වැරදි ලෙස සිදු කිරීම( තෙකලා/ත්‍රිපෙස් වැරදීම).
06.වෙනත් ....
මෙහෙමය් එම් වී එස් ඩි එක තමය් ලේසි හැබය් කව්රුත් බලාපොරොත්තු නොවෙන අනතුරු වෙන්න තියෙන ඉඩ වැඩි නිසා එක කරන්න හොඳ මානසිකත්වයකින් ඉන්න ඕන.
ඉවසීම තමා එතන රහස,අනික වෙලාව පරක්කු වෙනවා කියල තදියමින් කරන්න ගියොත් අමාරුවේ,පටන්ගන්න කලින් හොඳ පැලෑනක් ගහල තමා පටන් ගන්න ඕන,අනික වැඩ කොටස බෙදාගෙන පියවරෙන් පියවර යනකොට තේරෙනවා නම් වෙලාව මදි කියල,එතකොට ඒ ටික පස්සේ එස් ඩි එකක් දාල කරන්න යන එක හොඳය්(මොකටද ඉල්ලන් කන්නේ).
කොහොම උනත් එකට මුලින් විදුලිය තිබ්බ හැමෝටම පස්සෙත් විදුලිය ලැබෙන විදියට ඕනෑම වෙලාවක පැලෑන වෙනස් කරන්න තරම් හොඳ විදියට කඩාගත්ත එකක් වෙන්න ඕන(ලෝඩ් වැඩි වෙන්නේ නැතුව).
එහෙම එස් ඩි එකක් තනියම කලා කියන්නේ දවසකට තමන්ගේ මිනිස්සුන්ගේ ජීවිතය /වටින දේපල ඔක්කොම බේරුවා වගේ දෙයක්..ඒක හැමෝටම හරියට කොරන්න බෑ,කොහෙන් හරි වරදිනවා.. 
අනික එහෙම කීපයක් කරාට පස්සේ එන අත්දැකීම හුඟක් වටිනවා.
ඔය එස් ඩි එකට ගහන පැලෑන තමා ඒ ඉන්ජිනේරුවාගේ දක්ෂතාව පෙන්නන තැන(ඔය හාරන වැඩත් එස් ඩි එකේ කාලේ කනකොට කොහොම හරි ටයිම් එකට ඉවර කරනවා කියන්නේ කොහොම හිසරදයක්ද කියල තේරෙනවා ). 
අද ටිකක් වේලාසන නිදාගන්න ලැබුනොත් හොඳය්...
හෙට සෙට් වෙන්න එනවද මේ ඉන්ජිනේරුවෝටික(මොකද දැන් මේක කියවන්න ඉතුරුවෙන්නේ ඉන්ජෝ විතරය්-ඒක මම දන්නවා)?.

ඔයගොල්ලෝ දන්නේ නැති උනාට මට උගන්නපු හොඳම මට්ටමේ ගුරුතුමෙක් තමා මට මේ වැඩේ කියල දුන්නේ(දයාවංස සර්-අද මම මේ තත්වේ ඉන්න(ඉංජිනේරුවෙක් වීමේ සිහිනය ) ඒ සර් හුඟක් බලපෑවා),ඔය හොඳම කට්ටිය ඉතුරු කරන් අනිත් අය හලන එක.....එහෙම ඒ සර් ගේ ට්‍රික් එකක් හරිය...

හරි කමක් නෑ හෙට පුළුවන් උනොත් ටිකක් වෙනස් දෙයක් ගැන කතාකරනවා,(අර 3 ගැන අදත් අමතක උනා,..සොරි වෙන්ඩ ඕන එච් වී එස් ඩි එකකදී වත් ලියන්නම්කෝ.).

මේක ඔයාල දන්නේ නැති වෙන්න පුළුවන් හැබය් මේ ලියන ටික තේරුම් ගන්න පුළුවන් නම් ඔයාලටත් ඉංජිනේරුවෝ වෙන්න පුළුවන් කියල මතක තියාගන්න-උත්සාහය තමා වැදගත්(ඉංගිරිසිත් ඕනෑම එකක්)

Tuesday, September 6, 2011

MV Shut Down

අද මට ටිකක විශේෂ දවසක්,මොකද මෙච්චර කාලෙකට මට හම්බ උන පොඩිම විදුලි විසන්ධිය අද සිද්දකරපු නිසා.
එම්.වී.ෂට් ඩවුන්(M.V.shut down-MVSD) එකක් කියන්නේ මොකක්ද කියල මුලින්ම කියන්නම්.අපේ සාමාන්‍යයෙන් විදුලියේදී වොල්ටිය තව අනුව පද්ධතිය කොටස් කීපයකට බෙදනවා.
01 ඊ.එච්.වී.(EHV-extra high voltage)-වෝල්ට් 66000 ට වැඩි.,
02 එච්.වී.(high voltage)-11000 ත් 33000 ත් අතර.
03 එම්.වී.{(medium voltage)(කටාර් වල)-415.,
04 එල්.වී.(low voltage)-230..
එතකොට අපි එම් වී එස් ඩි එකකදී කරන්නේ පාරිභෝගිකයාට කෙලින්ම සම්බන්ද වෙන පරිපතයකට    ඇතුලත් කිරීම්,වෙනස් කිරීම්,වැඩි දියුණු කිරීම් ,අලුත්වැඩියා කටයුතු වගේ දේවල් .දැන් ඔය ලංකාවේ පොලොව යටින් යන විදුලි පද්ධති දුර්ලබ උනාට මෙහෙ ඔක්කොම වගේ පොලොව යටින් යන්නේ(ඒක තමා ෆොටෝ එකක් ගත්තොත් කොහේ හරි මෙහෙ හාරලා-පාරවල්,ටෙලෙෆොන්,ලයිට්,වතුර....).
එතකොට මෙහේ ලංකාවේ වගේ ට්‍රාන්ස්ෆොමර එකෙන් කෙලින්ම දෙන්නේ නැහැ(උඩින් යන එව්වා-ඕවර් හෙඩ්/over head).මේ පරිපත පටන් ගන්න සබ්ස්ටේසමෙ තියෙනවා ෆියුස් කැබිනට්(FSFP/BOFP or MV Pannel) එකක්.එකෙන් මුලින්ම පරිපථය හොයාගෙන ෆියුස් ගලවන්න ඕන,ඊට පස්සේ වොර්නින්/කෝෂන් නෝටිස්(warning devices) පාරක් ගහල,ෆියුස් ටික වාහනේට දාගෙන(තියල ගියොත් වැඩේ කොරන අතරේ කව්රුහරි හය්කරන්න පුළුවන්),අර කැබිනට් එකේ නෝටිස් ඒක ට කිට්ටුම තැනක හරි ඉබ්බා දාන තැන (LOTO-lock out tag out) හරි අපේ නම,තනතුර,විදුලිය කපල තියෙන කාලය,දුරකථන අංකය(අතේ තියෙන ඒක මිසක් ගෙදර නම්බරේ දීල බෑ) එහෙම ලියල දාල යන්න ඕන(හා අමතක උනා,සේෆ්ටි ටේප්(warning tape) ගහන්නත් ඕන).
එතකොට කව්රුහරි අපි නැතිවෙලාවක ආවොතින්(මොකද වැඩ කරන්නේ කිලෝමීටර කීපයක් දුර වෙන්න පුළුවන්) දාන්නෙ නැහැ මොකද වෙන්නේ කියල(විස්තර ඔක්කොම පිළිවෙලට තිබ්බොත් එන ඉන්ජිනේරුවට ලේසිය් නේ-ලයිට්  දෙන්න අමතක උනොත්/දෙන්න නැත්තම්  ඒකත් ප්‍රශ්නයක් පස්සේ එන කෙනාට මොකුත් කරන්න බැහැ අර කැබිනට් එකේ බෝඩ් ඒක නිසා) .
පස්සේ ඉතින් වැඩේ කොරල මිනිස්සු ටික එතනින් එලවල දාල(හ හ -අයින් වෙන්න කියල ) තමා ආයේ කරන්ටෙක(finish the shut down and restore) දෙන්න ඕන.පස්සේ අපේ පරිපත සටහන් බලල සුදුසු පාරිභෝගිකයොන්ගේ විදුලි සැපයුම නිවැරදිව එනවද කියල කොන්ෆෝම්(conferm the restoration process) කරලා තමා එතනින් ගැලවෙන්න ඕන..නැත්තම් පස්සේ කියය් අරක නෑ,මේක නෑ...දන්නවනේ මිනිස්සු.
කොහොමහරි අර 3 ගැන(Hipo,phasing,meg.) අදත් කතාකරන්න බැරි වෙනවා .වෙලාව නෑ,හෙටත් එම් වී එස් ඩි. නිදාගන්න ඕන ....හෙට සෙට් වෙමු .....

Saturday, September 3, 2011

ටෙස්ටින් ටිකිස් .........

අද මට මාරු වැඩක් ආරංචි උනා...ඒ අපේ ටෙස්ටින් කට්ටියගේ ඕ.ටී. ගැන.
අපේ කොමපැනියේ ඉන්න ලොකුම කාලකන්නි අන්සේ තමා ටෙස්ටින් කියන්නේ.උන් සයිට් එකකට ආවත් මහා ලොකුවට උජාරුවෙන් වාඩිවෙලා(සීතල වාහනේ) ඉන්නවා මිසක් කිසි වැඩකට උදව්වක් නෙමේ දෙන්නේ.අද කොහොමහරි ටෙස්ටින් අන්සේ ඉන්ජිනේරුව(මගේ හොඳම යාළුවෙක් තමාලු) අපේ ලොක්ක ගාවට ගිහින් තියෙනවා ඕ.ටී. අස්සන් කරගන්න. හෙහ් හෙහ් අපේ ලොක්කත් ඉතින් බනින්න නියම මිනිහනේ(කව්රු හරි කාමරේ පැත්තෙන් යනකොට කෑගහල සද්දේ දාල තමා බනින්නේ-රෙදි ගලවනවා කිව්වොත් හරි). අනික මිනිහ කියන බොරු හම්මේ අහන් ඉන්න ආසය්...(පස්සේ කියන්නම්කො).
 මොකද රාමසාන් මාසේ අපිට වැඩ කරන්න දීල තියෙන්නේ උදේ 10 වෙනකන් විතරය්(ඒක ඔය කාහ්.....(දන්නවනේ මගේ අන්සේ) එකේ අයට අදාල නෑ -අනිත් ඔක්කොටම අදාලය් (මගේ කොල්ලන්ට ඕ.ටී. දුන්න හරිද ) .ඉතින් ඒ අන්සේට ඕ.ටී. දාල කියල මිනිහට බනින්න පටන් ගත්ත...කොහොම උනත් මිනිහත් ඇරියේ නෑ. ඉතින් ලොක්කට මලේ මල,එක එක හේතු කියා කියා (ඔය සයිට් වල නිදාගන්න එව්වා එහෙම ) බනිනවා දිගට හරහට..ඔකේ තියෙන ෆන් එක දකින්නම ඕන (අපි කව්රුහරි කාමරේ ගාවින් යනකොටම බනින්න පටන්ගන්නවා....ඔය අතරේ ලොක්ක හම්බුවෙන්න තව කව්දෝ ඇවිත් ..මලා මෙන්න මෙච්චරවෙලා හින්දියෙන් බැන බැන හිටිය ලොක්ක ආයේ ඒ ටිකම ඉංගිරිසියෙනුත් කියවන්න ගත්ත .අර ආපු එකා කරකවල අත්හැරිය වගේ(මිනිහ සම්මුක පරීක්ෂනෙකට වෙනද ඇති එන්න ඇත්තේ).........අනේ අන්තිමට ටෙස්ටින් ඉන්ජට මෙලෝ දෙයක් නැතුව හිස් අතින්ම ආපස්සට එන්න උනා(හිස් කිව්වට හිස් ම නෑ-අර බැනපුව ටිකම ඇති මාසගානක් යනකන් ).
හරි ටෙස්ටින් කියල ඔය කට්ටිය අපේ සයිට් වලට ආවම කරන්නේ Hi-potential ටෙස්ට් එක(සමහරු මේකට ප්‍රෙෂර් ටෙස්ට් එක කියලත් කියනවා ),පේසින්(11Kv live phasing test)  සහ සමහර වෙලාවට මෙගර්(5 Kv -insulation test) කරන එකත් කරනවා...ඊට අමතරව හුඟක් ටෙස්ටින් වැඩ තිබ්බත් වැඩිපුරම කොරන්නේ ඔය 3 තමා(අපේ වැඩ වලදී විතරය් එහෙම කියන්න පුළුවන් හරිද) .
ඉතින් ඔය කියන වැඩ 3 ගැන දැනගන්න ඕන නම් පුංචි කොමෙන්ටුවකුත් දාල යන්න,,,(බලෙන් හරි ලියවන්න එපාය-හොඳින් කිව්වට අහන්නෙත් නෑනේ).
අනේ තරහ අවසර මට කිසි සපෝර්ට් එකක් නෑ කියල හිතුනම එපාවෙනවා-විශේෂයෙන්ම මේ පොදු වැඩ...
(no time dear it's 11.30pm-ok GN).

Thursday, September 1, 2011

Blaaast........booom

පසුගියදිනක සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් ගැන කියන්නය් යන්නේ,දින වකවානු නොකිය මේ දෙය කියන්නේ දැන් ඒ සම්බන්ද සියලු පරීක්ෂණ  අවසාන නිසා.සාමාන්‍යයෙන් වෝල්ට් 11000(11kv) ක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල හුඟක් අය දන්නේ නැහැ,අපිත් තාම ඇහින් දැකල නැහැ .ඒ වගේ විදුලියක් මගින් සිදුවන අවාසනාවන්ත පිපුරුම් ඉතා භයානක වෙන්න පුළුවන්.සාමාන්‍යයෙන් එවැනි පිපිරීමක් වෙන්න තියෙන ඉඩ හුඟාක් අවම වෙන්න තමා ඕනෑම විදුලි පද්දතියක් හදන්නේ,නමුත් විදුලිය සම්බන්ද ඉංජිනේරුවන් අතින් සිදුවන වැරදි වලදී සිදුවන පිපුරුම් ඉතා භයානකය්.
මේ සිදුවීම වුනු දිනයේ තිබුණු විදුලිය විසන්ධි කෙරීම(shut down) පැවරිලා තිබුනේ(මගේ ආයතනයේ පැත්තෙන්) මටය්,නමුත් වෙලාවක තරම වෙනත් රාජකාරියක් නිසා මට එකට යන්න බැරි උනා.සාමාන්‍යයෙන් විදුලි බිදදැමීමක් කරන්නේ අනුපිළිවෙලකට ,ඒකට සහබාගිවෙන ඉන්ජිනේරුවන්හට නිසිලෙස පිළිපැදීමට උපදෙස් තිබෙනවා.මෙතන විශේෂත්වය වෙන්නේ ඉංජිනේරුවා තමා මුලධර්ම සමග උපදෙස් ක්‍රියාවට නැගීමය්.සාමාන්‍යයෙන් පරිපථයක් භූගත(earth) කරන්නේ ඒක පුර්ණ ලෙස විසන්දි(isolate) උන පසුය්.නමුත් අදාල ඉංජිනේරුවා ප්‍රථමික බෙදාහැරීම් මධ්‍යස්ථානය(Primary distribution station) තුලදී සජීවී පරිපථයක් අත්වැරදීමකින් භූගත කලා.එහිදී විශාල පිපුරුමක් ඇතිවෙලා තියෙනවා,කොහොම උනත් ඒකට ගියපු ඉංජිනේරුවෝ දෙන්නටම හානියක් නම් නැහැ.මේක ලොකු ආන්දෝලනාත්මක සිදුවීමක් උනත් උසස් නිලධාරීන්ට මේක හොඳ පාඩමක් උනා,ඉක්මනට වැඩ කරන්න හැමතිස්සෙම කෑගහන ඒ කට්ටියට ආයෙත් තේරුණා ඉක්මන කොටය් කියල.ඇත්තටම ඒ ඉංජිනේරුවා අලුත් කෙනෙක්,එයාට ඉක්මනට වැඩේ කරන්න කියල නොසෑහෙන්න බලපෑම් කරපු නිසා තමය් එයා හදිස්සි වෙලා ඒක කරේ.හැබය් මගේ අදහසනම් ඔබ  ඉංජිනේරුවෙක් විදියට කිසිම වෙලාවක ඔබට විශ්වාස නැති කිසිම දෙයක් කරන්න හොඳ නැහැ.ඔබට හරි කියල හිතෙන දෙය පැය ගානක් ගියත් කමක් නැහැ ,නොදන්නා අවිශ්වාස දෙයට අවදානම ගන්නවට වඩා.තව දෙයක් හැම තිස්සෙම මුලධර්ම යොදන්න ඕන,ඒක කලේ නැත්තම් ලොකු අමාරුවක.ගෘහ විදුලිය(230v) භාවිතයේදී හානිය අවමය්(අවදානම අඩුය්) අධි විදුලිය(11kv,33kv) එහෙම නැහැ හැම පියවරක්ම අවදානම්.ඒක නිසා .....තමන් දන්නා දෙය කරන්න, නොදන්නා දෙය කරන්න යන්න එපා ,ඉගෙනගන්න කාලය හරියට ඉගෙනගන්න මොකද නැත්තම් මේ වගේ සිදුවීම් රැකියා කරද්දී වෙන්න පුළුවන්.(මේ ඉංජිනේරුවා කටපාඩමින් ගියපු කෙනෙක් ඒක නිසා වෙන්න ඇති එහෙම උනේ)...............අහ්හ්හ් තව දෙයක් එතන තිබ්බේ.ABB(11kv VCB).වර්ගයේ පැනලයක් නම් පිපුරුම කොහොමද කොය් පැත්තටද උනේ,කොහොමද ඉංජිනේරුවා බේරුනේ? උත්තරේ දන්නවනම් කියන්නකෝ බලන්න.